පාකිස්තානයේ නිරිතදිග ප්රදේශයේදී මගීන් රැගත් බස් රථයක් ප්රපාතයකට පෙරළී යාමෙන් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ක්වෙටා නුවර සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය ඩනා සාර් කඳුකර ප්රදේශයේදී පාලනයෙන් ගිලිහී අඩි 70ත් 80ත් අතර ගැඹුරු ප්රපාතයකට ඇද වැටී ඇති බවයි වාර්තා වෙන්නේ. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීන් 48 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. මූලික වාර්තා පෙන්වා දෙන්නේ බස් රථයේ සුක්කානමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
අනතුර සිදු වූ වහාම ප්රදේශවාසීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණියත්, දුෂ්කර භූමිය නිසා ගලවා ගැනීමේ කටයුතු තරමක් අපහසු වී තිබුණා. තුවාල ලැබූවන් වහාම ෂෝබ් දිස්ත්රික් රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, මියගිය අයගේ සිරුරු හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ උපන් ගම්බිම් වෙත යැවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. බස් රථය අධික ලෙස තදබද වී තිබූ බවත්, අතරමගදී කැඩී ගිය තවත් බස් රථයක සිටි මගීන් පිරිසක් ද මෙම බස් රථයට නංවාගෙන තිබූ බවත් බලධාරීන් පවසනවා. පාකිස්තාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර, සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නියෝග කර තිබෙනවා.

Discussion & Feedback