චීනයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ජින්ජියැන්ග් නගරයේ සපත්තු කර්මාන්ත ශාලාවක හදිසියේම ඇති වූ දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියලා එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. මේ කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ චීනයේ සපත්තු නිෂ්පාදනයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන ෆුජියන් පළාතේයි. ගින්න පැතිර යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනවල දැවැන්ත ගිනිදැල් සහ කළු දුමාරය අහස උසට නැගෙන අයුරුත්, ගොඩනැගිල්ලේ වහලය මත සිරවී සිටින පිරිස් බේරාගැනීමට උත්සාහ කරන ආකාරයත් පැහැදිලිවම දකින්න ලැබෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවා කම්පනය පළ කර තිබෙන අතර, විශාල පිරිසක් මියගොස් ඇති බවට ඔහු ඉඟි කර තිබුණා. ගින්න නිවා දැමීමට සහ සිරවී සිටින අය බේරා ගැනීමට ගිනි නිවන රථ 35ක් සහ නිලධාරීන් 180කට අධික පිරිසක් යොදවා තිබෙනවා. මේ වන විටත් සහන කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර, ඉදිරියේදී මේ පිළිබඳව තවත් තොරතුරු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback