තායිලන්තයේ බැංකොක් නුවර චතුචක් දිස්ත්‍රික්කයේ පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හදිසියේම හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබෙනවා. මධ්‍යම රාත්‍රියට ආසන්නව හටගත් මෙම ගින්න ඉතා වේගයෙන් පැතිරී ගිය අතර, එහි සිටි පිරිස් බියෙන් කෑගසමින් දිව යන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනවලින් දැකගන්න පුළුවන්. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින්ට මිනිත්තු 30ක පමණ කාලයක් ගතවූ අතර, මේ වන විටත් තවත් පිරිසක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධිය ඇසින් දුටු සංගීත ශිල්පියෙකු පවසන පරිදි, විදුලි ස්විචයකින් හටගත් ගින්නක් සමඟම විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. දුමාරයෙන් සහ ගින්නෙන් බේරීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් ගොඩනැගිල්ලේ පසුපස තිබූ වැසිකිළි තුළ සැඟවීමට උත්සාහ කර ඇති අතර, වැඩිම මළ සිරුරු ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ එම ස්ථානවලින්. මේ වන විටත් රෝහල්ගත කර සිටින තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ. ගින්නට නිශ්චිත හේතුව සොයා මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.
ගින්න හටගත් අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි රියදුරෙකු වහාම ක්‍රියාත්මක වී ජනේල කඩා පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්. ගින්නෙන් පසු සමාජ ශාලාවේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් කළු පැහැ ගැන්වී ඇති අතර, වහලයේ කොටස් පවා ගැලවී ගොස් තිබෙනවා. මෙම ඛේදජනක සිදුවීම මුළු තායිලන්තයම කම්පනයට පත් කිරීමට සමත් වී තිබෙනවා.

Discussion & Feedback