යුක්රේනයේ කියෙව් කලාපයට රුසියාව විසින් එල්ල කළ දරුණු ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් තවත් 42 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බුචා දිස්ත්‍රික්කයේ නේවාසික ප්‍රදේශයකට එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් දරුවන් සිව්දෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ප්‍රදේශයේ සිටි 380කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. මේ අතර බොරිස්පිල් දිස්ත්‍රික්කයේ සිදු වූ වෙනත් ප්‍රහාරයකින් 14 හැවිරිදි දරුවෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. මේ වන විටත් ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ මෙම ප්‍රහාර මාලාව රුසියානු ත්රස්තවාදයේ තවත් එක් අඳුරු පැතිකඩක් බවයි. කියෙව්වලට අමතරව ඔඩෙස්සා, ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් සහ සැපොරෝෂියා වැනි ප්‍රදේශවලටත් රුසියාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්රේන හමුදාව පවසන්නේ තමන් රාත්රියේදී රුසියානු ඩ්‍රෝන යානා 233ක් අහසේදීම විනාශ කළ බවයි. කෙසේ වෙතත්, තනිවම මෙම ප්‍රහාර මැඩපැවැත්වීම අපහසු බව පවසන සෙලෙන්ස්කි, යුක්රේනයට සහාය දක්වන සියලුම රටවලට ස්තූතිය පුද කරනවා. මේ අතර රුසියාවේ බෙල්ගොරොඩ් සහ රොස්ටොව් ප්‍රදේශවලටත් යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර එල්ල වී ඇති අතර, දෙරට අතර පවතින මෙම ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවයි පෙනෙන්නට තිබෙන්නේ.

Discussion & Feedback