යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 1100කට වඩා දුරින් පිහිටි රුසියාවේ ටාටාර්ස්තාන් ප්‍රාන්තයට එල්ල වූ ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු තවත් 75 දෙනෙක් තුවාල ලබා ඇති අතර, එය රුසියාවේ නිශ්නෙකම්ස්ක් නගරයේ පිහිටි තෙල් පිරිපහදුවක් ඉලක්ක කරගෙන සිදුකර තිබෙනවා. මියගිය අය අතර උස්බෙකිස්තාන ජාතිකයින් හත් දෙනෙකුත් සිටින බවයි වාර්තා වෙන්නේ. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බොහෝ දෙනෙක් නවාතැන්පොළක රැඳී සිට ඇති අතර, මෙය යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාව තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස සැලකෙනවා.
යුක්රේන බලධාරීන් පවසන්නේ රුසියාවේ යුද ප්රයත්නයන්ට සහාය වන සහ ආදායම් උපයන ස්ථාන ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කළ බවයි. කෙසේ වෙතත්, රුසියානු බලධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඬුවම් ලබා දෙන බවයි. මේ අතර, රුසියාව පුරා රාත්‍රී කාලයේදී යුක්රේන ඩ්‍රෝන යානා 450කට වඩා වෙඩි තබා බිම හෙළූ බවත් රුසියාව ප්‍රකාශ කරනවා. යුක්රේනය දිගින් දිගටම රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන අතර, රුසියාවත් ඊට ප්‍රතිචාර වශයෙන් යුක්රේනයේ නගර සහ සිවිල් වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් දියත් කරනවා. මේ ගැටුම් නිසා දෙපැත්තෙන්ම අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් දිනෙන් දින මියයමින් සිටිනවා.

Discussion & Feedback