උතුරු ඇල්ජීරියාවේ ප්‍රදේශ රැසක හටගෙන තියෙන දරුණු ලැව්ගිනි තත්ත්වයක් නිසා මේ වන විට පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ගින්නෙන් තවත් 54 දෙනෙක් විතර තුවාල ලබා ඉන්න අතර, ඒ අතරින් හය දෙනෙක්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ජිජෙල්, බෙජායා සහ තිසි ඕසූ කියන පළාත්වලින් තමයි මේ මරණ වාර්තා වෙලා තියෙන්නේ. මේ වන විට ගිනි නිවන භටයින් රට පුරා පැතිරී ගිය ගිනි ජාලා 69ක් පාලනය කරන්න දැඩි උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.
මේ දිනවල උතුරු අප්‍රිකානු කලාපයට බලපා තියෙන අධික උණුසුම් කාලගුණයත් එක්ක මේ ලැව්ගිනි තත්ත්වය තවත් දරුණු වෙලා තියෙනවා. ගින්න පැතිරෙන ප්‍රදේශවල ඉන්න ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගෙනියන්නත්, නිවාසවලින් ඉවත් කරන්නත් බලධාරීන් පියවර අරන් තියෙනවා. දේශගුණික විපර්යාස නිසා මේ වගේ ආපදා තත්ත්වයන් පසුගිය කාලයේදී ඇල්ජීරියාවේ නිතරම වගේ දකින්න ලැබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවා පෙන්වා දෙන්නේ උතුරු අප්‍රිකානු කලාපයේ උෂ්ණත්වය වේගයෙන් ඉහළ යන බවයි. මේ තත්ත්වය නිසා මිනිසුන්ට විතරක් නෙවෙයි, සතුන්ට පවා ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් උදා වෙලා තියෙනවා.

Discussion & Feedback