අභ්යවකාශයේ තියෙන කළු කුහර කියන්නේ තමන් වටේ තියෙන හැමදේම ගිලගන්නා අගාධයක් විදිහට තමයි අපි සාමාන්යයෙන් හිතාගෙන ඉන්නේ. හැබැයි තාරකා විද්යාඥයන් පිරිසක් ‘Swift J1727.8−1613’ කියන කළු කුහරය ගැන කරපු අලුත්ම පර්යේෂණයකින් හෙළි වුණේ වෙනස්ම කතාවක්. පෘථිවියේ ඉඳන් ආලෝක වර්ෂ 8,800ක් විතර ඈතින් තියෙන මේ කළු කුහරය, තමන්ගේ සහකාර තාරකාවෙන් ද්රව්ය උරාගන්නා අතරේ ඒ ඔක්කොම ගිලගන්නේ නැතුව, ඒවයින් විශාල ප්රමාණයක් ආපහු අභ්යවකාශයට විසි කරනවා කියලා ඔවුන් හොයාගෙන තියෙනවා. මේක හරියට කළු කුහරයකට වෙච්ච ‘ආහාර දිරවීමේ අපහසුවක්’ වගේ කියලා තමයි විද්යාඥයන් කියන්නේ.
මේ පර්යේෂණය මෙහෙයවපු වෝර්වික් විශ්වවිද්යාලයේ නොයෙල් කැස්ත්රෝ සෙගුරා කියන විදිහට, කළු කුහර කියන්නේ හිතන තරම්ම දක්ෂ විදිහට ආහාර ගන්නා තැන් නෙවෙයි. මේ කළු කුහරය තමන්ට ලැබෙන ආහාරවලින් අඩක්ම වගේ ආපහු අභ්යවකාශයට විසි කරලා දානවා. මේ ක්රියාවලිය සිද්ධ වෙන්නේ කළු කුහරය වටා තියෙන ද්රව්ය තැටියක් හරහා. ඒක හරියට කළු කුහරයක් ඇතුළේ සිද්ධ වෙන සංකීර්ණ ආහාර දිරවීමේ පද්ධතියක් වගේ. මේ සොයාගැනීම මගින් කළු කුහරවල හැසිරීම ගැන මීට කලින් තිබුණු මතවාද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම කළු කුහර කියන්නේ අපි හිතනවාට වඩා ගොඩක් සංකීර්ණ සහ අමුතු විදිහට වැඩ කරන අභ්යවකාශ වස්තූන් බව මේ පර්යේෂණයෙන් පැහැදිලි වෙනවා.

Discussion & Feedback