අපේ විශ්වයේ සිදුවන මහා පිපිරුම් හෙවත් සුපර්නෝවා පිපිරීම්වලින් පිටවන අද්භූත අංශු වර්ගයක් ගැන අලුත්ම තොරතුරු ටිකක් විද්යාඥයන් හොයාගෙන තියෙනවා. මේ අංශු හඳුන්වන්නේ ‘නියුට්රිනෝ’ (Neutrinos) කියලයි. මේවා කොච්චර අමුතුද කියනවා නම්, තත්පරයකට ට්රිලියන ගාණක් අපේ ඇඟ හරහා කිසිම බාධාවක් නැතුව ගලාගෙන යනවා. හැබැයි මේවා කිසිම ආරෝපණයක් නැති, බරක් නැති තරම් කුඩා අංශු නිසා අපිට ඒවා දැනෙන්නේ නැහැ. ජපානයේ තියෙන දැවැන්ත ‘සුපර්-කමියෝකන්ඩේ’ (Super-Kamiokande) පරීක්ෂණාගාරය මගින් අවුරුදු 14ක් තිස්සේ කරපු පර්යේෂණවලින් තමයි මේ ‘කොස්මික් අවතාර’ හෙවත් නියුට්රිනෝවල අලුත්ම දත්ත ලැබිලා තියෙන්නේ.
මේ පර්යේෂණයෙන් කියවෙන්නේ බිලියන ගාණක් තිස්සේ විශ්වයේ සිදුවුණු සුපර්නෝවා පිපිරීම්වලින් ඉතිරි වුණු නියුට්රිනෝ සංඥා ගැනයි. මේවා හරියට මියගිය තරු වල ‘රහස් කොඳුරන හඬක්’ වගේ. තරු මැරෙනකොට ඒවායේ හරය බිඳ වැටිලා කළු කුහර හෝ නියුට්රෝන තරු හැදෙන හැටි තේරුම් ගන්න මේ සොයාගැනීම ගොඩක් වැදගත් වෙනවා. මේ නියුට්රිනෝ සංඥා හඳුනාගැනීම විද්යා ලෝකයේ ලොකු ජයග්රහණයක් විදියටයි සැලකෙන්නේ. ඉදිරියේදී එන්න තියෙන ‘හයිපර්-කමියෝකන්ඩේ’ වගේ නවීන තාක්ෂණයත් එක්ක, විශ්වයේ තියෙන මේ වගේ තවත් ගුප්ත රහස් රැසක් අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback