අභ්යවකාශ විද්යාඥයින් පිරිසක් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 335ක් දුරින් පිහිටි අතිශය උණුසුම් ජල ග්රහලෝකයක් සොයාගෙන තියෙනවා. HD 176071 b ලෙස නම් කර ඇති මෙම ග්රහලෝකය පෘථිවිය මෙන් දෙගුණයකටත් වඩා විශාල එකක්. මෙහි ඇති විශේෂත්වය තමයි මේ ග්රහලෝකයෙන් 50%ක්ම ජලයෙන් සමන්විත වීම. නමුත් මේ ග්රහලෝකය තමන්ගේ මව් තාරකාවට ඉතාම ආසන්නයෙන් ගමන් කරන නිසා, එහි වසරක් ගතවෙන්නේ පැය 14ක් වැනි කෙටි කාලයකින්. මේ අධික උෂ්ණත්වය සහ ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසා අවසානයේදී මේ ග්රහලෝකය තමන්ගේම තාරකාව විසින් ගිලගනු ලබන බවයි විද්යාඥයින් පවසන්නේ.
සාමාන්යයෙන් මෙවැනි ග්රහලෝක තාරකාවලින් නිකුත් වන දැඩි විකිරණ නිසා වායුගෝලය අහිමි වී යනවා. නමුත් පුදුමයකට මෙන්, මෙම ග්රහලෝකය තවමත් ඉතා ක්රියාකාරී වායුගෝලයකින් යුක්තයි. එහි ඇති ඝන වලාකුළු නිරන්තරයෙන් වෙනස් වෙමින් ගමන් කරන බව විද්යාඥයින් නිරීක්ෂණය කරලා තියෙනවා. සාමාන්යයෙන් ග්රහලෝක සොයාගන්නේ ඒවා තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට සිදුවන ආලෝක වෙනස්කම්වලින් වුණත්, මේ ග්රහලෝකය සොයාගෙන තියෙන්නේ ග්රහලෝකයෙන් පරාවර්තනය වන ආලෝකයේ ඇති වන සියුම් වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන්. මෙය අභ්යවකාශ ගවේෂණයේ සුවිශේෂී ජයග්රහණයක් ලෙසයි විද්යාඥයින් හඳුන්වන්නේ.

Discussion & Feedback