මෑතකදී අභ්යවකාශ ගත වුණු රුසියානු සෝයුස් රොකට්ටුවක් ලෝකයේම අවධානය දිනාගන්න සමත් වුණා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මේ රොකට්ටුවේ ප්රසිද්ධ බලශක්ති පානයක (Energy Drink) දැන්වීමක් ප්රදර්ශනය කර තිබීම නිසයි. කසකස්තානයේ බයිකොනූර් අභ්යවකාශ මධ්යස්ථානයෙන් දියත් කළ මේ රොකට්ටුව හරහා ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානය වෙත ගගනගාමීන් පිරිසක් පිටත් කර හැරියා. මේ දැන්වීම් වලට අමතරව, පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ සිතුවම් සහ ‘ජීවිතයට අවසානයක් නැත’ වැනි අර්ථවත් වැකිත් මේ රොකට්ටුවේ සටහන් කර තිබුණා.
ඇත්තටම රුසියාව අභ්යවකාශ යානා මත දැන්වීම් ප්රදර්ශනය කරන එක අලුත් දෙයක් නෙවෙයි. නමුත් ආර්ථික ගැටලු සහ යුක්රේන යුද්ධය නිසා ඇති වුණු බලපෑම් හමුවේ, රුසියානු රජය පසුගිය කාලයේදී අභ්යවකාශ දැන්වීම් සම්බන්ධ නීති ලිහිල් කළා. මේ හරහා පෞද්ගලික ආයෝජන ලබාගෙන රජයේ වියදම අඩු කරගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. මේ දියත් කිරීමේ අවස්ථාවට නාසා ආයතනයේ ප්රධානී ජැරඩ් අයිසැක්මන් පවා සහභාගී වීම විශේෂත්වයක්. මේ හමුවෙන් පස්සේ ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ කටයුතු 2030 දක්වා දීර්ඝ කරන්නත්, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යන්නත් රුසියාව එකඟතාව පළ කර තිබෙනවා.

Discussion & Feedback