2017 වසරේදී එළිදැක්වුණු Assassin’s Creed Origins ක්රීඩාව හරහා අපිට හමුවුණු බායෙක් (Bayek of Siwa) කියන්නේ ගේමින් ලෝකයේ අමතක නොවන චරිතයක්. පුරාණ ඊජිප්තුවේ සිදුවන ඔහුගේ පළිගැනීමේ කතාව සහ ඇසැසින්වරුන්ගේ ආරම්භය ගැන කියැවෙන මේ ක්රීඩාව රසිකයන් අතර ගොඩක් ජනප්රිය වුණා. ඉතින් මේ සුපිරි වීරයා ගැන ආයෙත් අහන්න ලැබීම ගේම් එකට ආදරේ කරන අයට නම් ඇත්තටම ලොකු සතුටක්. මේ ඔක්තෝබර් මාසයේදී Mantic Games ආයතනය විසින් එළිදක්වන ‘Assassin’s Creed® Animus – The Board Game’ හරහා බායෙක් නැවතත් අප අතරට එනවා.
මේක සාමාන්ය වීඩියෝ ගේම් එකක් නෙවෙයි, මේක පුවරු ක්රීඩාවක් (Board Game) විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ක්රීඩකයන් එකේ සිට හතර දෙනෙකුට එකතු වෙලා මේ අත්දැකීම ලබාගන්න පුළුවන්. මෙහි යුග දහයක් පුරා විහිදුණු විවිධ අභියෝග සහ සටන් තියෙනවා. විශේෂයෙන්ම ‘Master Assassin Pledge’ එක හරහා බායෙක්ගේ චරිතය තෝරගෙන ඊජිප්තුවේ ඔහුගේ ගමන නැවත අත්විඳින්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. මේ ක්රීඩාවේ තියෙන විශේෂිත කුසලතා, උපකරණ සහ සිතියම් හරහා ඇසැසින්ස් ක්රීඩ් ලෝකයේ තියෙන අභිරහස් සහ සටන් තමන්ගේම මේසයක් උඩදී අත්විඳින්න දැන් පුළුවන්.
මේ පුවරු ක්රීඩාව දැනටමත් Kickstarter හරහා විශාල ප්රතිචාරයක් ලබාගෙන තියෙනවා. ඔක්තෝබර් මාසයේදී මේ ක්රීඩාව බෙදාහැරීම ආරම්භ කරන නිසා, ඇසැසින්ස් ක්රීඩ් රසිකයන්ට තමන්ගේ ප්රියතම වීරයන් එක්ක අලුත් විදිහකට සටන් කරන්න ලැබෙන මේ අවස්ථාව මගහැරගන්න එපා. බායෙක්ගේ ඒ අමතක නොවන ගමන තවත් වතාවක් අත්විඳින්න කැමති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක් වේවි.

Discussion & Feedback