2012 වසරේදී සිරියාවේදී අතුරුදහන් වූ ඇමරිකානු මාධ්‍යවේදී ඔස්ටින් ටයිස්ගේ අතුරුදහන් වීම පිටුපස ඇත්තේ අහඹු සිදුවීමක් නොව, සිරියානු පාලන තන්ත්රය විසින් මාසයකට අධික කාලයක් තිස්සේ සැලසුම් කළ කුමන්ත්‍රණයක් බව බීබීසී ආයතනය විසින් සිදුකළ නවතම විමර්ශනයකින් හෙළි වී තිබෙනවා. වසර දොළහක් පුරා අභිරහසක්ව පැවති මෙම සිදුවීම සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු වාර්තා වන්නේ බීබීසී හි ‘I’m Not A Monster’ පොඩ්කාස්ට් මාලාව හරහායි. ටයිස්ව පැහැරගැනීම සඳහා ඔහුගේ රියදුරු ඔහුව පාවා දී ඇති අතර, එම මෙහෙයුම සඳහා එවකට සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පවා අනුමැතිය ලැබී ඇති බවට සාක්ෂි ලැබී තිබෙනවා.
ටයිස් සිරියාවේ සිවිල් යුද්ධය ගැන වාර්තා කරමින් සිටියදී, ඔහු විශ්වාස කළ රියදුරෙකු හරහා ඔහුව උගුලකට හසුකරගෙන තිබෙනවා. අසාද්ගේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයෙකු පවසන පරිදි, ටයිස් කැරලිකරුවන්ට හමුදා පුහුණුව ලබා දෙන බවට සැක කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට ඉහළ මට්ටමේ නියෝග ලැබී තිබුණා. සිරියානු පාලන තන්ත්රය බිඳ වැටීමෙන් පසු සොයාගත් රහසිගත බුද්ධි අංශ වාර්තා මගින් ටයිස්ව රඳවාගෙන සිටියේ සිරියානු රජය බවට පළමු වරට නිශ්චිත සාක්ෂි ලැබී ඇතත්, ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවාද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. මෙම හෙළිදරව්ව ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

Discussion & Feedback