ඇමරිකානු සමාගමක් වන ඇන්ත්‍රොපික් (Anthropic) ආයතනයේ බලගතු AI මාදිලි වන ‘Mythos’ සහ ‘Fable 5’ සඳහා ඇමරිකානු රජය විසින් පනවා ඇති අපනයන තහනම තවමත් ක්‍රියාත්මකයි. මේ තත්ත්වය හමුවේ ආසියානු රටවල තාක්ෂණික සමාගම් තමන්ගේම දේශීය AI මාදිලි හඳුන්වා දීමට කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ජපානයේ සකානා (Sakana) සමාගම විසින් ‘Fugu’ නමින් නව AI මාදිලියක් එළිදක්වා තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙය ඇමරිකානු මාදිලිවලට නොදෙවෙනි හැකියාවක් ඇති, ඒ වගේම අපනයන පාලන නීතිවලින් බාධාවක් නැති තාක්ෂණයක් බවයි. මේ හරහා ජපන් ව්‍යාපාර සහ රජයේ ආයතනවලට ඇමරිකානු තාක්ෂණය මත පමණක් යැපීමේ අවදානම අඩු කරගන්න පුළුවන්.
ඒ වගේම චීනයේ 360 සයිබර් ආරක්ෂණ සමාගම විසින් ‘Tulongfeng’ නමින් තවත් බලගතු AI මෙවලමක් හඳුන්වා දී තිබෙනවා. මෙය සයිබර් ආරක්ෂණ කටයුතු සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර, ඇන්ත්‍රොපික් සමාගමේ Mythos මාදිලියට අභියෝගයක් වනු ඇති බවයි වාර්තා වෙන්නේ. සකානා සමාගමේ සම-නිර්මාතෘ ඩේවිඩ් හා පවසන්නේ, එකම තාක්ෂණික සැපයුම්කරුවෙකු මත පමණක් රඳා පැවතීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. ඒ නිසා මෙවැනි විකල්ප තාක්ෂණික විසඳුම් මගින් රටවල්වලට තමන්ගේම ස්වාධීනත්වයක් පවත්වා ගැනීමට හැකි වෙනවා. කෙසේ වෙතත්, ආසියානු සමාගම් පවසන්නේ මෙය ඇමරිකානු තාක්ෂණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමක් නොව, අනාගත අවදානම් කළමනාකරණය කරගැනීමේ උපාය මාර්ගයක් පමණක් බවයි.

Discussion & Feedback