2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු නිව්යෝර්ක් නුවර වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව බලධාරීන් සතුව තිබූ රහසිගත ලේඛන රැසක් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානි විසින් නිකුත් කළ ලේඛන 170,000කින් හෙළි වන්නේ, ප්‍රහාරයෙන් පසු වාතය ආරක්ෂිත බව ජනතාවට පවසමින් සිටියදීත්, ග්‍රවුන්ඩ් සීටෝ ප්‍රදේශයේ සෑම තැනකම ඇස්බැස්ටෝස් වැනි විෂ ද්‍රව්‍ය පැවති බව බලධාරීන් දැන සිටි බවයි. මෙම හෙළිදරව්ව මගින් වසර 25ක් පුරා සැඟවී තිබූ සත්‍යය එළියට පැමිණ ඇති අතර, එදා බලධාරීන් ගත් වැරදි තීරණ නිසා අදටත් දහස් ගණන් ජනතාව පිළිකා වැනි බරපතල රෝගාබාධවලින් පීඩා විඳිනවා.
මෙම ලේඛනවලට අනුව, ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු නගරයේ නීතිමය වගකීම් මගහැරීම සඳහා වාතය ආරක්ෂිත බව ප්‍රකාශ කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටින ජෝන් ස්ටුවර්ට් පවසන්නේ, නගරයේ වාතය විෂ සහිත බව දැන දැනම ජනතාවට බොරු කීම නිසා අද බොහෝ දෙනෙකුට ජීවිත පවා අහිමි වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නගර සභාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 34කට අධික මුදලක් වැය කරමින් විමර්ශන සිදු කරන අතර, ඉදිරි වසර තුළ තවත් ලේඛන ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. 9/11 ප්‍රහාරයෙන් පසු ඇති වූ විෂ දූවිලි සහ වාතය නිසා ප්‍රහාරයට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවා තහවුරු කර තිබෙනවා.

Discussion & Feedback