මේ දිනවල ලෝක සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය ‘Letterboxd’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීම සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රැසක් උනන්දුවක් දක්වමින් ඉන්නවා. විශේෂයෙන්ම ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ (The New York Times) සහ ‘A24’ වැනි දැවැන්ත ආයතන මේ සඳහා දෙවන වටයේ ලංසු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව නෙට්ෆ්ලික්ස්, පැරාමවුන්ට් සහ සෝනි වැනි සමාගම් ද මේ ගැන අවධානයෙන් පසුවනවා. දැනට මෙම සමාගමේ 60%ක කොටස් හිමි ‘Tiny’ නම් ආයතනය, එය ඩොලර් මිලියන 300ක පමණ වටිනාකමකට විකිණීමට සූදානම් වන බවයි ආරංචි මාර්ග පවසන්නේ.
2011 වසරේදී නවසීලන්ත තාක්ෂණික ව්‍යවසායකයින් දෙදෙනෙකු විසින් ආරම්භ කළ මෙම වේදිකාව, කිසිදු මුදල් ගෙවා සිදුකරන ප්‍රචාරණයකින් තොරව මසකට මිලියන 30ක පරිශීලකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. විශේෂයෙන්ම වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණ පරපුර අතර මෙම වෙබ් අඩවිය ඉතාම ජනප්‍රියයි. සිනමා ක්ෂේත්රයේ විශේෂඥයින් පවසන පරිදි, අනාගත සිනමා කර්මාන්තයේ නැගිටීම සඳහා Letterboxd වැනි වේදිකාවක දායකත්වය ඉතාම වැදගත් වෙනවා. කෙසේ වෙතත්, සමාගමේ නිර්මාතෘවරුන් තවමත් සුළු කොටස් ප්‍රමාණයක් තමන් සතු කරගෙන සිටින අතර, සමාගම අවසානයේ කාට හිමිවේද යන්න පිළිබඳව තීරණාත්මක බලපෑමක් කිරීමට ඔවුන්ට හැකියාව තියෙනවා.

Discussion & Feedback