නාසා ආයතනය තමන්ගේ ආටෙමිස් III (Artemis III) මෙහෙයුම සඳහා අලුත්ම තාක්ෂණික වෙනසක් කරන්න සූදානම් වෙනවා. මේ අනුව ඔරියන් අභ්යවකාශ යානයට ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ලින්ක් ලේසර් පද්ධතියක් සවි කිරීමට නියමිතයි. මේ නවීන තාක්ෂණය නිසා අභ්යවකාශයේ ඉඳන් පෘථිවියට ඉතාම පැහැදිලි 4K තත්ත්වයේ සජීවී වීඩියෝ දර්ශන ලබාගන්න පුළුවන් වෙනවා. දැනටමත් පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන ස්ටාර්ලින්ක් චන්ද්රිකා දහස් ගණනකගේ සහාය මේ සඳහා ලැබෙන නිසා, අභ්යවකාශයේ ඉඳන් එන දත්ත හුවමාරුව මීට වඩා ගොඩක් වේගවත් සහ පහසු වෙනවා.
මේ මෙහෙයුම සැලසුම් කරලා තියෙන්නේ 2027 වසරේ දෙවැනි භාගයේදී දියත් කරන්නයි. මේක නිකම්ම නිකම් ගමනක් නෙවෙයි, සඳ මත මිනිසුන් ගොඩබස්සවා ස්ථිර කඳවුරක් පිහිටුවීමේ නාසා ආයතනයේ විශාල සැලැස්මේ තවත් එක පියවරක් විතරයි. මේ ගමනේදී ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුවත් භාවිත කරනවා. මේ වගේ දියුණු තාක්ෂණික ක්රමවේද නිසා අනාගතයේදී අභ්යවකාශයේ සිදුවන දේවල් අපිට තත්ය කාලීනවම අන්තර්ජාලය හරහා දැකගන්න ලැබෙන එක ඇත්තටම හරිම පුදුම හිතෙන දෙයක්.
ආටෙමිස් III මෙහෙයුමෙන් පස්සේ 2028 වසරේදී ආටෙමිස් IV මෙහෙයුම දියත් කරන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. ඒ මෙහෙයුමේදී තමයි මිනිසුන්ව සඳ මතට ගොඩබස්සවන්න නියමිත වෙලා තියෙන්නේ. මේ වගේ නවීන තාක්ෂණයන් නිසා අභ්යවකාශ ගවේෂණය තවත් පහසු සහ සාර්ථක වෙන බව නම් කාටත් පැහැදිලියි.

Discussion & Feedback