නාසා ආයතනය විසින් ක්රියාත්මක කරන ආටෙමිස් 3 සඳ ගමන් මෙහෙයුම සඳහා අභ්යවකාශ යානයට අලුත් පහසුකමක් එකතු කරන්න සූදානම් වෙනවා. ඒ අනුව ඔරියන් අභ්යවකාශ යානයට ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ලින්ක් ලේසර් පද්ධතියක් සවි කිරීමට නාසා ආයතනය තීරණය කරලා තියෙනවා. මේ නවීන තාක්ෂණය නිසා අභ්යවකාශයේ ඉඳන් පෘථිවියට ඉතාමත් පැහැදිලි 4K තත්ත්වයේ සජීවී වීඩියෝ දර්ශන ලබාගන්න පුළුවන් වෙනවා. දැනටමත් පෘථිවි කක්ෂයේ ක්රියාත්මක වන ස්ටාර්ලින්ක් චන්ද්රිකා ජාලය හරහා මේ දත්ත හුවමාරුව සිදු කෙරෙන අතර, මෙය අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ සුවිශේෂී පියවරක් විදියට හඳුන්වන්න පුළුවන්.
2027 වසරේ අගභාගයේදී දියත් කිරීමට නියමිත මේ මෙහෙයුම, සඳ මත ස්ථිර කඳවුරක් පිහිටුවීමේ නාසා ආයතනයේ දිගුකාලීන සැලැස්මේ තවත් එක පියවරක්. මේ යානයට සවි කරන කුඩා ලේසර් පැනල් මගින් දත්ත සම්ප්රේෂණ ධාරිතාව විශාල ලෙස වැඩි කරනවා. ඒ වගේම මේ මෙහෙයුම සඳහා ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර්ෂිප් රොකට්ටුවත් යොදා ගන්නවා. ආටෙමිස් 3 මෙහෙයුම සාර්ථක වුණොත්, ඊළඟ වසරේ එනම් 2028 දී මිනිසුන් සඳ මත ගොඩබස්සවන ආටෙමිස් 4 මෙහෙයුම දියත් කරන්න නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. මේ තාක්ෂණික දියුණුව නිසා අභ්යවකාශයේ සිදුවන දේවල් අපිට තවත් සමීපව සහ පැහැදිලිව බලාගන්න අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback