මෑතකදී සඳ වටා සාර්ථක ගමනක නිරත වුණු ආටෙමිස් II අභ්යවකාශ මෙහෙයුමේ ගගනගාමීන් සිව්දෙනා වෙනුවෙන් ඇමරිකාවේ කොලරාඩෝ ප්රාන්තයේ රෙඩ් රොක්ස් ඇම්ෆිතියටර් රඟහලේදී ඉතාමත් උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබෙනවා. දින දහයක කාලයක් පුරා අභ්යවකාශයේ සැරිසැරූ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් හමුවීමට අටදහස් පන්සියයකට අධික පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්. වසර පනස් තුනකට පසු පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගිය පළමු මිනිසුන් සහිත මෙහෙයුම මෙය වීම නිසා ලොව පුරාම විශාල අවධානයක් මේ සඳහා යොමු වුණා.
මෙම උත්සවයේදී අදහස් දක්වමින් මෙහෙයුම් කමාන්ඩර් රීඩ් වයිස්මන් සඳහන් කළේ තමන් ගමන් කළ ‘ඉන්ටෙග්රිටි’ නමැති අභ්යවකාශ යානය ඉතාමත් හොඳින් ක්රියාත්මක වූ බවයි. විශේෂයෙන්ම මිනිසුන්ට එහි ජීවත් වීමට, වැඩ කිරීමට සහ නින්දට යාමට ඇති පහසුකම් පිළිබඳව බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වූ බවත්, එම අත්දැකීම් ඉදිරියේදී පැවැත්වෙන ආටෙමිස් III මෙහෙයුම සඳහා ඉතා වැදගත් වන බවත් ඔහු පැවසුවා. නාසා ආයතනයේ නිලධාරීන් සහ ප්රධාන පෙළේ අභ්යවකාශ තාක්ෂණික ආයතනවල නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, ඔවුන් සියලු දෙනාම සඳ ගමනේ සාර්ථකත්වය වෙනුවෙන් ගගනගාමීන්ට සිය ප්රශංසාව පුද කළා. අනාගතයේදී තවත් ගැඹුරු අභ්යවකාශ ගවේෂණ සඳහා මෙය විශාල පියවරක් බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ.

Discussion & Feedback