ඊජිප්තුවේ විනිසුරුවරුන් ලෙස පෙනී සිටිමින් ජනතාව රවටා මුදල් ලබාගත් පිරිසක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ අය රජයේ නිවාස ලබා දෙන බව පවසමින් අහිංසක මිනිසුන්ව රවටා විශාල මුදලක් වංචා කරලා තියෙනවා. තමන්ව විශ්වාස කරවන්න මේ පිරිස උසාවි පරිශ්‍රයන් ඇතුළේ ව්‍යාජ නඩු විභාග දර්ශන පවා රූගත කරලා සමාජ මාධ්‍යවල පළ කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් කයිරෝ සහ ගීසා ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තහවුරු කරනවා.
මේ වංචාව හෙළි වුණේ තමන්ව විනිසුරුවරයෙක් ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙක් තමන්ව රවටා මුදල් ලබාගත් බවට පුද්ගලයෙක් පැමිණිලි කිරීමත් එක්කයි. පරීක්ෂණවලදී ප්‍රධාන සැකකරු සතුව තිබී ව්‍යාජ විනිසුරු හැඳුනුම්පත්, විනිසුරු නිල ඇඳුම් සහ ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. තමන්ට මේ වංචාව කරගෙන යන්න උසාවියේ සේවය කරන කිහිප දෙනෙක්ම උදව් කළ බවත් ඔහු පාපොච්චාරණය කරලා තියෙනවා. මේ වන විට අදාළ උසාවි සේවකයන්වද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඉන්න අතර, සියලුම සැකකරුවන් කඩිනම් නඩු විභාගයකට යොමු කිරීමට නියමිතයි.

Discussion & Feedback