ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් නගරයේ අතහැර දමා තිබූ නිවසක ගසක එල්ලී තිබී හමුවූ ටාසියා ෆෝචූන් නම් කළු ජාතික තරුණියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාර්ක්ස් රැට්ලිෆ් නම් 51 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සහ මියගිය තරුණිය අතර යම් සම්බන්ධයක් තිබූ බව පොලිසිය පවසනවා. මෙය මිනීමැරුමක් බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර, ඉදිරියේදී තවත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවයි පොලිස් ප්‍රධානියා සඳහන් කරන්නේ.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි බියකින් සහ කම්පනයකින් පසු වුණා. විශේෂයෙන්ම ඇමරිකාවේ පවතින ජාතිවාදී ප්රචණ්ඩත්වයේ ඉතිහාසය නිසා මෙම මරණය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. මියගිය තරුණියගේ මව පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ තමන්ට යම් සහනයක් දැනෙන බවයි. කෙසේ වෙතත්, පොලිසිය මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව මීට පෙර පවුලේ අය දැඩි කලකිරීමකින් පසුවූ අතර, ඔවුන් නිතරම බලධාරීන්ගෙන් සාධාරණයක් ඉල්ලා සිටියා.
මේ වන විට ඇමරිකාව පුරා කළු ජාතිකයන් ගස්වල එල්ලී මියගොස් සිටින සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා. මේ නිසා ඇමරිකානු කොංග්රස් මණ්ඩලයේ සාමාජිකයන් පවා මෙම සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙය නූතන යුගයේ සිදුවන ජාතිවාදී ප්රචණ්ඩත්වයක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ. කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ මෙම පරීක්ෂණය තවමත් ක්‍රියාත්මක බවත්, සාක්ෂි මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බවත්ය.

Discussion & Feedback