ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ කැලිෆෝනියාවේ පිහිටි ගොල්ෆ් ක්රීඩාංගණයක් අසලදී සැකකටයුතු පුද්ගලයෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ට්රම්ප් මහතා සහභාගී වීමට නියමිතව තිබූ අරමුදල් රැස්කිරීමේ උත්සවයකට පෙර මෙම සිදුවීම වාර්තා වුණේ. ජීන් ජෝන් ටේල් නම් 38 හැවිරිදි මෙම පුද්ගලයා ගොල්ෆ් පිටිය අවට ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරමින් වීඩියෝ සහ ඡායාරූප ගනිමින් සිටියදීයි ආරක්ෂක අංශවලට හසු වුණේ. මොහු සතුව තිබී තහනම් වර්ගයේ උණ්ඩ සහ ගිනි අවි සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
පසුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී මොහුගේ නිවසේ තිබී තවත් බලපත්ර නොමැති රයිෆල්, පිස්තෝල, උණ්ඩ සහ ශරීර ආරක්ෂක කබා වැනි භාණ්ඩ රැසක් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මොහුගේ සටහන් පොත්වල තිබී හමුවූ කරුණු සම්බන්ධයෙන් මේ වන විට එෆ්.බී.අයි (FBI) සහ රහස් ඔත්තු සේවය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වනවා. මොහු මීට පෙර කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ අයෙක් බවත් හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන තෙක් ට්රම්ප් මහතාට එල්ල වූ සෘජු තර්ජනයක් ගැන තහවුරු කර නැතත්, ආරක්ෂක අංශ ඉතා දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback