ශ්රී ලංකාවට ලෝක කුසලානය දිනාදුන් හිටපු නායක අර්ජුන රණතුංග මේ දිනවල ක්රිකට් ක්රීඩාවේ පවතින තත්ත්වය ගැන ඉතාමත් සැර ප්රකාශයක් කරලා තියෙනවා. ඔහු කියන විදිහට ටී-20 ක්රිකට් ක්රීඩාව නිසා අද ඉන්දියාව, පාකිස්තානය සහ ශ්රී ලංකාව වගේ රටවල ක්රීඩකයන්ගේ තිබුණු තාක්ෂණික දක්ෂතා ගොඩක් දුරට විනාශ වෙලා ගිහින්. අද කාලේ හැමෝම උත්සාහ කරන්නේ පවර් හිටින් (power-hitting) කරන්න විතරයි. ඒ නිසා සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර් වගේ තාක්ෂණයෙන් ඉහළ පිතිකරුවන් අද දකින්න ලැබෙන්නේ නැති තරම් කියලා ඔහු පෙන්වා දෙනවා.
අර්ජුන තවදුරටත් කියන්නේ අද ඉන්න ක්රීඩකයන්ට රට වෙනුවෙන් ක්රීඩා කරනවාට වඩා ෆ්රැන්චයිස් ලීග් තරගාවලිවලට මුල් තැන දෙන ස්වභාවයක් තියෙනවා කියලයි. ඉස්සර ක්රීඩකයන් ඇඟිල්ලක් කැඩුනත් රට වෙනුවෙන් ක්රීඩා කළා, හැබැයි අද පොඩි අමාරුවක් වුණත් තරග මගහරිනවා. ශ්රී ලංකාවේ වර්තමාන ක්රීඩකයන් දක්ෂ වුණත්, අරවින්ද ද සිල්වා වගේ දක්ෂතා තියෙන කෙනෙක් අද දකින්න නැහැ කියලත් ඔහු කියනවා. ඒ වගේම ඉන්දියාවේ තරුණ ක්රීඩක වෛභව් සූර්යවංශි ගැන අදහස් දක්වමින් ඔහු කිව්වේ, මේ ළමයාට තවමත් පොඩි කාලයක් නිසා ඔහුට නිදහසේ ක්රීඩා කරන්න ඉඩ දෙන්න ඕනේ කියලයි.

Discussion & Feedback