ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී හද කම්පා කරවන පුවතක් වාර්තා වෙනවා. ගිල්බට් ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයක වැටී සිටි මාස 18ක් වයසැති කුඩා දරුවෙක්ව රෝහලට ගෙන ගියත්, වෛද්‍යවරුන් විසින් ඔහුව මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබුණා. නමුත් පැය පහකට පසුව මෘත ශරීරාගාරයේදී මෙම දරුවා තවමත් හුස්ම ගනිමින් සිටින බව හඳුනා ගැනීමට හැකි වුණා. පසුව ඔහුව වෙනත් රෝහලකට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමෙන් පසුව දරුවා සුවය ලබා නිවසට ගොස් තිබෙනවා.
සිද්ධිය වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දරුවාගේ ජීව ලක්ෂණ පවතින බව වෛද්‍යවරයාට පැවසුවත්, වෛද්‍යවරයා එය නොතකා හරිමින් මරණය තහවුරු කර තිබුණා. මේ වන විට රෝහල මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, දරුවාගේ දෙමාපියන්ට එරෙහිව නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට පොලිසිය නිර්දේශ කර තිබෙනවා. නිවසේ තිබූ මත්ද්‍රව්‍ය සුවඳ සහ දරුවා පිහිනුම් තටාකය අසල තනිව සිටීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ. කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ නීතිඥයා පවසන්නේ මෙම සිද්ධිය පිටුපස තවමත් එළි නොවූ වෛද්‍යමය කරුණු රැසක් පවතින බවයි.

Discussion & Feedback