ජනප්රිය ගායිකා අරියානා ග්රෑන්ඩ් තමන්ගේ ඉදිරි වැඩසටහන් කිහිපයකින්ම ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ‘සන්ඩේ ඉන් ද පාක් විත් ජෝර්ජ්’ (Sunday in the Park with George) වේදිකා නාට්යයෙන් ඇය ඉවත් වුණේ ඇයට එල්ල වන දැඩි මහජන විවේචන සහ පීඩනය නිසා කියලයි ඇගේ කළමනාකාරීත්වය සඳහන් කරන්නේ. දැනට ඇය ‘එටර්නල් සන්ෂයින්’ සංචාරයේ නිරත වෙමින් ඉන්නවා. මේ සංචාරය අවසන් වුණාට පස්සේ ඇය ටික කාලෙකට ප්රසිද්ධ වැඩවලින් ඉවත් වෙලා විවේකයක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ.
ඇත්තටම මේ තීරණය ගත්තේ ඇගේ මානසික සහ ශාරීරික සුවතාවය වෙනුවෙන්. අරියානාගේ රසිකයන් ඇයට ගොඩක් ආදරේ වුණත්, නිරන්තරයෙන්ම ඇය ගැන සමාජ මාධ්යවල සහ මාධ්යවල පළවෙන විවිධ කතාබහ නිසා ඇය ලොකු පීඩනයක ඉන්නේ. ඒ නිසා තමයි ඇය තමන්ගේ වැඩ කටයුතු ටිකක් අඩු කරලා නිදහසේ ඉන්න තීරණය කරලා තියෙන්නේ. ඇය මේ නාට්යයෙන් ඉවත් වුණත්, ඒකේ වැඩ කරන කණ්ඩායමට තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවත් ඇය පවසා තිබෙනවා.
මීට කලින් ඇය ‘ඇමරිකන් හොරර් ස්ටෝරි’ කතා මාලාවෙනුත් ඉවත් වුණා. ඇගේ මේ තීරණය රසිකයන්ට නම් ටිකක් දුක හිතෙන ආරංචියක් වුණත්, ඇගේ සෞඛ්ය තත්ත්වය වෙනුවෙන් ගත්තු මේ තීරණයට බොහෝ දෙනෙක් ගරු කරනවා. කොහොම වුණත්, ඇගේ සංගීත සංචාරය සාර්ථකව අවසන් කරලා ඇය ඉක්මනින්ම සුවෙන් නැවතත් රසිකයන් අතරට ඒවි කියලා අපි බලාපොරොත්තු වෙමු.

Discussion & Feedback