ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායිකා අරියානා ග්‍රෑන්ඩ් ඇයගේ ‘Eternal Sunshine’ සංගීත චාරිකාව අවසන් කරමින් ප්‍රසිද්ධ ජීවිතයෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ලන්ඩන් නුවර පැවති ඇයගේ අවසන් ප්‍රසංගය ඉතාමත් සංවේදී එකක් වුණා. විශේෂයෙන්ම 2017 මැන්චෙස්ටර් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය වෙනුවෙන් ඇය ගායනා කළ ගීතයේදී ඇයගේ දෑස් කඳුලින් පිරී ගිය අයුරු දැකගන්න ලැබුණා. පසුගිය කාලය පුරාම ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෙනුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය කටකතා නිසා ඇය මෙවැනි තීරණයක් ගත් බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත්, තමන්ගේ මෙම තීරණය ඉතාමත් සිතාමතා ගත් එකක් බවත්, මිනිසුන්ට විවේකයක් අවශ්‍ය බවත් ඇය රසිකයින් හමුවේ පවසා තිබෙනවා. ඇයගේ මෙම සංගීත චාරිකාව වසර හතකට පසු ඇය වේදිකාවට පැමිණි පළමු අවස්ථාවයි. ඉදිරියේදී රංගන ක්ෂේත්රයට වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන අරියානා, තමන්ගේ රසිකයින්ට ස්තූති කරමින් පවසා සිටියේ තමන්ගේ ජීවිතයේ ඉතාමත් සුන්දර අත්දැකීමක් ලෙස මෙය සදහටම සිහිපත් කරන බවයි. ඇයගේ මෙම තීරණය රසිකයින්ට කණගාටුවක් වුවත්, ඇයගේ පෞද්ගලික නිදහස සහ සතුට වෙනුවෙන් බොහෝ දෙනා ඇයට සුබ පතනවා.

Discussion & Feedback