හොලිවුඩයේ දැවැන්ත සමාගම් දෙකක් වන පැරමවුන්ට් සහ වෝනර් බ්රදර්ස් ඩිස්කවරි අතර සිදුවීමට නියමිත ඩොලර් බිලියන 110ක ඒකාබද්ධ වීමේ ගනුදෙනුවට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් ප්රකට ව්යාපාරික ඇරි එමානුවෙල් දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා. වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පතේ ලිපියක් ලියමින් ඔහු පවසන්නේ මෙම නඩුව කිසිදු පදනමක් නැති ‘කුණු කූඩයට දැමිය යුතු’ එකක් බවයි. මෙම ගනුදෙනුව මගින් හොලිවුඩය බේරා ගැනීමට හැකි වනු ඇති බවත්, රජයේ නියාමන ආයතන මෙම නිර්මාණකරුවන්ට ඔවුන්ගේ වැඩකටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
ප්රාන්ත නීතිපතිවරුන් 12 දෙනෙකු විසින් ගොනු කර ඇති මෙම නඩුව නිසා ගනුදෙනුව තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, එමානුවෙල් පෙන්වා දෙන්නේ නීතිපතිවරුන් තරඟකාරිත්වය ආරක්ෂා කරන බව පැවසුවද, ඔවුන්ගේ ක්රියාමාර්ග ඇත්ත වශයෙන්ම වෙළඳපොළේ තරඟකාරිත්වය විනාශ කරන බවයි. නෙට්ෆ්ලික්ස්, ඇමසන් සහ යූටියුබ් වැනි වේදිකා අද වන විට සිනමා කර්මාන්තයට දැඩි තරඟයක් ලබා දෙන බවත්, නීතිපතිවරුන් මෙම යථාර්ථය නොසලකා හැරීම විහිළුවක් බවත් ඔහු පවසනවා. 2005 වසරේ පැවති තත්ත්වය අදට ගැලපෙන්නේ නැති බවත්, කේබල් රූපවාහිනී යුගය අවසන් වී ස්ට්රීමින් සේවාවන් බලවත් වී ඇති බවත් ඔහු සිහිපත් කරනවා.
මෙම නඩුව ඇදගෙන යාම නිසා පැරමවුන්ට් සමාගමට විශාල මූල්ය පාඩ්යමය පාඩ අලාභයක් සිදුවන බවත්, එය සමාගමේ අනාගතයට බරපතල තර්ජනයක් බවත් එමානුවෙල් අනතුරු අඟවනවා. කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව අවසන් වන තුරු සමාගම බලා සිටීමට තීරණය කර ඇති අතර, එය හොලිවුඩ් සිනමා ක්ෂේත්රයේ ඉදිරි ගමනට තීරණාත්මක වනු ඇති බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ.

Discussion & Feedback