වෙනිසියුලාවේ ඇතිවූ දරුණු භූමිකම්පා මාලාව නිසා ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා. පසුගිය බදාදා එරට ඇතිවූ රික්ටර් මාපකයේ 7.2 සහ 7.5ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පා හේතුවෙන් මේ වන විට 1,430කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, තවත් 68,900ක් පමණ අතුරුදහන් වී සිටිනවා. ට්‍රෙජෝගේ පවුලේ අය සොයා පැය 74ක් පුරා සිදුකළ දැඩි සෝදිසි මෙහෙයුමකින් පසුව ඔහුගේ බිරිඳ වන යැනිනා මරනෙල්ලා සහ දරුවන් වන ආරොන් සහ අයිනෝවාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
මෙම පුවත ලූකස් ට්‍රෙජෝ ක්‍රීඩා කරන වෙනිසියුලාවේ ‘ක්ලබ් ස්පෝර්ට් මැරිටිමෝ ඩි ලා ගුයිරා’ පාපන්දු සමාජය විසින් තහවුරු කර තිබෙනවා. තම පවුලේ අය අතුරුදහන් වීමෙන් පසු ට්‍රෙජෝගේ පියා සහ සහෝදරයා ද ඔහුව සොයා ගැනීමට වෙනිසියුලාවට පැමිණ සිටියා. ට්‍රෙජෝ මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ තම බිරිඳට උපන්දින සුබ පැතුම් එක් කරමින් ඉතා ආදරණීය සටහන් තබා තිබුණා. මේ වන විට එම පාපන්දු සමාජය තවත් ක්‍රීඩකයෙකුගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකාවකගේ මරණය පිළිබඳවද ශෝකය පළ කර තිබෙනවා. මේ මොහොතේ ට්‍රෙජෝගේ පවුලේ අය වෙනුවෙන් ලෝකය පුරා සිටින බොහෝ දෙනා සිය ශෝකය සහ සහයෝගය පළ කරමින් සිටිනවා.

Discussion & Feedback