දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි හමුදාව විසින් පැහැරගෙන ගිය වටිනා සිතුවමක් වසර 80කට පසුව ආර්ජන්ටිනාවේ නිවසකින් සොයාගැනීමට හැකිවෙලා තියෙනවා. ‘Portrait of a Lady’ ලෙස හැඳින්වෙන මෙම සිතුවම මුලින්ම දැකගන්න ලැබුණේ ආර්ජන්ටිනාවේ නිවසක් විකිණීම සඳහා අන්තර්ජාලයට එක්කර තිබූ ඡායාරූපයකින්. නාසි හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ දියණියක වන පැට්‍රීෂියා කැඩ්ජියන්ගේ නිවසේ තිබී මෙම සිතුවම සොයාගත් අතර, ඇය නීතිමය ගැටලුවලින් බේරීම සඳහා මෙම සිතුවම එහි සැබෑ අයිතිකරුගේ උරුමක්කාරිය වන මාරි වොන් සහර් වෙත ආපසු ලබාදීමට එකඟ වී තිබෙනවා.
මෙම සිතුවම නෙදර්ලන්තයේ කලා එකතුකරන්නෙකු වූ ජැක් ගුඩ්ස්ටික්කර්ගේ එකතුවෙන් නාසීන් විසින් කොල්ලකනු ලැබූ කලා කෘති දහසකට අධික සංඛ්‍යාවකින් එකක්. මේ වන විට මෙම යුවළට එරෙහිව තිබූ නඩු කටයුතු අත්හිටුවා ඇති අතර, ඔවුන් දේශීය රෝහල් සඳහා මුදල් පරිත්‍යාගයක් කිරීමටත් එකඟ වී තිබෙනවා. සැබෑ අයිතිකරු වන මාරි වොන් සහර් පවසන්නේ තමන්ගේ පවුලේ උරුමය නැවත ලබාගැනීමටත්, ජැක් ගුඩ්ස්ටික්කර්ගේ කලා එකතුව නැවත එක්රැස් කිරීමටත් තමන් උත්සාහ කරන බවයි. මෙම සිතුවම ඉදිරියේදී බුවනෝස් අයර්ස් හි පිහිටි හොලොකෝස්ට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback