දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදාව විසින් කොල්ලකනු ලැබූ වටිනා සිතුවමක් වසර 80කට පසුව ආර්ජන්ටිනාවේ නිවසකින් සොයාගෙන තිබෙනවා. ‘Portrait of a Lady’ ලෙස හැඳින්වෙන මෙම සිතුවම මුලින්ම හඳුනාගෙන ඇත්තේ ආර්ජන්ටිනාවේ නිවසක් විකිණීම සඳහා අන්තර්ජාලයට එක්කර තිබූ ඡායාරූපයකිනි. නාසි හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙකුගේ දියණියක වන පැට්‍රීෂියා කැඩ්ජියන් නමැති කාන්තාවකගේ නිවසේ මෙම සිතුවම එල්ලා තිබියදීයි එය සොයාගනු ලැබුවේ. නෙදර්ලන්තයේ සිටි යුදෙව් කලා එකතුකරන්නෙකු වූ ජැක් ගවුඩ්ස්ටිකර්ගේ එකතුවෙන් නාසීන් විසින් පැහැරගත් සිතුවම් දහසකට අධික ප්‍රමාණය අතර මෙම සිතුවමත් තිබී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර, අවසානයේදී අදාළ යුවළ එම සිතුවම එහි නියම උරුමක්කාරිය වන මාරි වොන් සහර් වෙත භාරදීමට එකඟ වී තිබෙනවා. ඒ වෙනුවට ඔවුන්ට එරෙහිව පවතින නඩු කටයුතු අත්හිටුවීමට අධිකරණය තීරණය කර ඇති අතර, ඔවුන් දේශීය රෝහල් කිහිපයකට මුදල් පරිත්‍යාගයක් ද සිදුකළ යුතුයි. මාරි වොන් සහර් පවසන්නේ තම පවුලේ උරුමය යළි ලබාගැනීම සඳහා මෙවැනි සෑම සිතුවමක්ම සොයාගැනීමට තමන් උත්සාහ කරන බවයි. මෙම සිතුවම ඉදිරියේදී බුවනෝස් අයර්ස් හි පිහිටි හොලොකෝස්ට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ සැඟවී තිබූ මෙම කලාකෘතිය නැවතත් මහජනතාවට දැකගැනීමට ලැබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback