ෆෝක්ලන්ඩ් දූපත් ආශ්‍රිතව සිදුකරන තෙල් ගවේෂණ කටයුතු වහාම නතර කරන ලෙස ආර්ජන්ටිනාවේ ජනාධිපති ජේවියර් මිලේ බ්‍රිතාන්‍ය රජයට දැඩි අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල සමාගම් දෙකක් එකතු වෙලා පටන් ගන්න යන මේ ‘සී ලයන්’ තෙල් ව්‍යාපෘතිය නතර කරන්න සති දෙකක කාලයක් ඔහු ලබා දීලා තියෙනවා. මේ කාලය ඇතුළත ව්‍යාපෘතිය නතර නොකළොත් ජාත්‍යන්තර නීතිමය පියවර ගන්නා බවත්, විශේෂයෙන්ම මුහුදු නීතිය පිළිබඳ ජාත්‍යන්තර විනිශ්චය සභාවට මේ ගැන පැමිණිලි කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ආර්ජන්ටිනාව මේ ප්‍රදේශය හඳුන්වන්නේ ‘ලාස් මල්විනාස්’ කියලයි. ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍යය තමන්ගේ ස්වභාවික සම්පත් නීතිවිරෝධී ලෙස කොල්ලකන බවයි.
මේ සිදුවීමත් එක්ක දශක හතරකට කලින් ඇති වුණු ෆෝක්ලන්ඩ් යුද්ධයෙන් පස්සේ දෙරට අතර තියෙන අර්බුදය ආයෙත් උත්සන්න වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය සමාගම් පවසන්නේ තමන්ට මේ සඳහා නිසි බලපත්‍ර තියෙන බවයි. අනෙක් පැත්තෙන්, ෆෝක්ලන්ඩ් දූපත්වල ඉන්න ජනතාව 2013 වසරේදී පැවැත්වුණු ජනමත විචාරණයකදී අති බහුතරයකින් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්න කැමැත්ත පළ කරලා තියෙනවා. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ආර්ජන්ටිනාවට බලහත්කාරයෙන් මේ දූපත් අත්පත් කරගැනීමේ හැකියාවක් නැති බවයි. කොහොම වුණත්, බිලියන 1.7ක තෙල් සංචිතයක් තියෙන මේ ප්‍රදේශය සම්බන්ධයෙන් දෙරට අතර පවතින මේ ගැටුම ඉදිරියේදී කොයි පැත්තට හැරේවිද කියලා ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා.

Discussion & Feedback