අපි සාමාන්යයෙන් පිටසක්වල ජීවීන් ගැන හොයද්දී අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ තාක්ෂණික දියුණුව හෝ ජීව විද්යාත්මක සාධක ගැන විතරයි. හැබැයි දැන් විද්යාඥයන් අලුත් කෝණයකින් මේ ගැන හිතන්න පටන් අරන් තියෙනවා. ඒ තමයි තාක්ෂණික හෝ ජීව විද්යාත්මක නොවන, නමුත් බුද්ධිමත් මනසක ක්රියාකාරිත්වය පෙන්නුම් කරන සලකුණු හඳුනා ගැනීම. මේ සඳහා ‘නූසීමියොටික්ස්’ (Noosemiotics) කියන නව ක්ෂේත්රය හරහා පෘථිවියෙන් පිටත බුද්ධිමත් ජීවීන්ගේ සලකුණු හඳුනාගන්න පුළුවන්ද කියලා පර්යේෂණ කෙරෙනවා.
ඇමරිකානු තාරකා ජීව විද්යාඥ ජූලියා ඩිමරින්ස් පවසන විදිහට, රේඩියෝ තරංග වගේ දියුණු තාක්ෂණයක් සොයාගන්න කලින් බුද්ධිමත් මනසක් විසින් පදාර්ථ මත තබන සලකුණු අපිට හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇය පවසන්නේ ‘පාන්’ වැනි දෙයක් පවා බුද්ධිමත් ක්රියාවක ප්රතිඵලයක් බවයි. පාන් කියන්නේ ස්වභාවිකව හැදෙන දෙයක් නෙවෙයි, එය බුද්ධිමත් මනසක් විසින් සැලසුම් කර හදපු දෙයක්. ඒ වගේ සංකීර්ණ දේවල් එකලස් කිරීමේ ක්රියාවලිය (Assembly Theory) හරහා පිටසක්වල බුද්ධිය හඳුනාගන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරනවා.
මේ පර්යේෂණවලින් අදහස් වෙන්නේ, අපි තාක්ෂණය දෙස පමණක් නොබලා, යම් ග්රහලෝකයක සිදුවන සංකීර්ණ බුද්ධිමය ක්රියාවලීන් දෙසත් අවධානය යොමු කළ යුතු බවයි. සමහරවිට අපිට මගහැරුණු පිටසක්වල බුද්ධියේ සලකුණු අපේ ඇස් ඉදිරිපිටම තියෙන්න පුළුවන්. මේ නව ප්රවේශය අනාගතයේදී විශ්වය දෙස බලන අපේ දෘෂ්ටිකෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරාවි.

Discussion & Feedback