මේ දිනවල බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙන වැදගත් කරුණක් තමයි අධිවේගී මාර්ගවල රියදුරු පුහුණු ලාංඡනය හෙවත් ‘L’ පුවරුව සහිත වාහන පැදවීම සම්බන්ධයෙන්. ශ්රී ලංකා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඉගෙන ගන්නා රියදුරු බලපත්රයක් තියෙන කෙනෙක්ට හෝ ‘L’ පුවරුව ගහපු වාහනයක් අධිවේගී මාර්ගයක ධාවනය කරන්න කිසිම අවසරයක් නැති බවයි. රියදුරු පුහුණු බලපත්රයක් නිකුත් කරන්නේ වාහනයක් පදවන්න පුරුදු වෙන්න විතරක් නිසා, අධිවේගී මාර්ගවල වාහනයක් පදවන්න නම් අනිවාර්යයෙන්ම වලංගු පූර්ණ රියදුරු බලපත්රයක් තියෙන්නම ඕනේ.
තවත් වැදගත් දෙයක් තමයි, වාහනය ඇතුළේ පළපුරුදු රියදුරෙක් හිටියත්, ‘L’ පුවරුව ගහපු වාහනයක් අධිවේගී මාර්ගයකට ඇතුළු කරන්න බැහැ. මෙහෙම වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු වෙනවා නම්, ඒ ස්ථානවලදීම ඒවා හරවා යවන්න පියවර ගන්නවා වගේම, නීතිය උල්ලංඝනය කරලා ඇතුළු වුණොත් දඩ මුදල් ගෙවන්න හෝ නීතිමය ක්රියාමාර්ගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අනතුරක් වුණොත් රක්ෂණාවරණය පවා අහිමි වෙන්න පුළුවන් බව පොලිසිය අවධාරණය කරනවා. ඒ නිසා රියදුරු පුහුණුව ලබන අය මේ නීති ගැන හොඳින් දැනුවත් වෙලා කටයුතු කරන එක තමන්ගේම ආරක්ෂාවට සහ නීතිමය ගැටලු මඟහරවා ගන්න ගොඩක් වැදගත්.

Discussion & Feedback