අනාගතයේ රොබෝවරුන්ට මිනිසුන් වගේම දේවල් කරන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නයට උත්තර හොයන්න දැන් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ‘Encord’ කියන ආයතනය අලුත්ම විදිහක පර්යේෂණයක් පටන් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් රොබෝවරුන්ට වැඩ කරන්න පුහුණු කරන්නේ වීඩියෝ දර්ශන හරහා වුණත්, ඒ දත්ත මදි කියලා තමයි මේ අය කියන්නේ. ඒ නිසා දැන් ඔවුන් ජර්මනියේ ‘Zander Labs’ එක්ක එකතු වෙලා, රොබෝවරුන්ට පුහුණු දත්ත ලබා දෙන්න මිනිස් මොළයේ තරංග (brain waves) භාවිතා කරන අලුත්ම ක්‍රමයක් අත්හදා බලනවා.
මේ වැඩේ වෙන්නේ මෙහෙමයි. කෙනෙක් හිස මත විශේෂ උපකරණයක් පැළඳගෙන ජෙන්ගා (Jenga) වගේ ක්‍රීඩාවක යෙදෙනකොට, ඒ පුද්ගලයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය, එනම් ඔහුට දැනෙන අදහස්, පුදුමය හෝ වැරදීම් වගේ දේවල් මේ උපකරණය මගින් දත්ත විදිහට සටහන් කරගන්නවා. මේ දත්ත රොබෝවරුන්ගේ මොළය හෙවත් AI ආකෘති පුහුණු කරන්න යොදාගන්නවා. මේකෙන් රොබෝවරුන්ට තමන් කරන වැඩේදී වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මොන වෙලාවටද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් වෙනවා.
දැනට ලෝකයේ තියෙන රොබෝ තාක්ෂණයට ලොකුම බාධාව වෙලා තියෙන්නේ ප්‍රමාණවත් තරම් ගුණාත්මක දත්ත නොමැතිකමයි. ඉන්ටර්නෙට් එකේ තියෙන දත්ත වලින් චැට්බොට්ස් හැදුවට, රොබෝවරුන්ට භෞතික ලෝකයේ වැඩ කරන්න ඕන කරන දත්ත හොයාගන්න එක හරිම අමාරුයි. ඒ නිසා තමයි Encord ආයතනය මේ වගේ අලුත් දේවල් අත්හදා බලන්නේ. මේ පර්යේෂණය සාර්ථක වුණොත්, අනාගතයේදී අපේ වැඩ කරන රොබෝවරුන්ට මිනිස් මොළයේ තියෙන නුවණ සහ අවධානය බොහෝ දුරට සමාන කරගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback