ජාත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ ලබන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයන් ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. ඒත් අවාසනාවකට වගේ, කැනේඩියානු නිළි මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවෙන සමහර ජාතිවාදී අදහස් දැක්වීම් ගැන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා. ඇයගේ ජාතිය හෝ වාර්ගික පසුබිම කුමක් වුණත්, ඇය ලබන ජයග්‍රහණ ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ලොකු ගෞරවයක්. ඒ නිසා මෙවැනි පටු අදහස්වලින් මිදිලා ඇයගේ දක්ෂතා අගය කරන්න කියලා ඔහු සිංහල සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෛත්‍රෙයි රඟපාන අලුත්ම නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය වන ‘Best of the Best’ ප්‍රවර්ධනය කරන අතරතුර ඇය තමන්ගේ දෙමළ සහ ශ්‍රී ලාංකික මූලයන් ගැන කතා කිරීමත් එක්ක තමයි මේ අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය වුණේ. සමාජ මාධ්‍යවල සමහර පිරිස් ඇයගේ චිත්‍රපටයට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සහ නරක ප්‍රතිචාර ලබා දෙන්න කියලා උසිගන්වනවා. ඇයව ඉලක්ක කරගෙන ඉතාමත් පහත් මට්ටමේ ජාතිවාදී අදහස් පළ කිරීම් පවා වාර්තා වෙනවා. කැනඩාවේ උපන් මෛත්‍රෙයි ‘Never Have I Ever’ කතා මාලාව හරහා ලෝකය පුරාම ජනප්‍රිය වුණා. ඇය වගේ දක්ෂ තරුණියක් ජාත්‍යන්තරයේ බැබළෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ මිසක්, ජාතිවාදී ඇසකින් ඇයව විවේචනය කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

Discussion & Feedback