ඇපල් සමාගමේ අති නවීන ‘විෂන් ප්‍රෝ’ (Vision Pro) හෙඩ්සෙට් ව්‍යාපෘතිය මෙහෙයවපු ප්‍රධාන උප සභාපති පෝල් මීඩ්, එම තනතුරෙන් ඉවත් වෙලා ඕපන් ඒ අයි (OpenAI) සමාගමේ දෘඩාංග අංශයට එකතු වෙන්න තීරණය කරලා තියෙනවා. බ්ලූම්බර්ග් වාර්තා කරන විදියට, පෝල් මීඩ් කියන්නේ ඇපල් සමාගමේ ඉදිරියේදී එන්න තියෙන ඒ අයි (AI) තාක්ෂණයෙන් බලගැන්වෙන ස්මාර්ට් කණ්නාඩි ව්‍යාපෘතියේත් ප්‍රධානියා විදියට කටයුතු කරපු කෙනෙක්. ඇපල් සමාගම මේ වෙද්දී විෂන් ප්‍රෝ හෙඩ්සෙට් එකේ අසාර්ථකත්වය පියවගන්න සහ මෙටා සමාගමේ නිෂ්පාදන එක්ක තරඟ කරන්න අඩු මිලකට ස්මාර්ට් කණ්නාඩි හඳුන්වා දෙන්න ලොකු උත්සාහයක් ගන්නවා.
මේ ඉවත්වීම සිද්ධ වෙන්නේ ඇපල් සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ක කියලයි ආරංචි වෙන්නේ. ජෝන් ටර්නස් ඇපල් සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා විදියට පත්වෙන්න ඉන්න නිසා, ඔහු දෘඩාංග ඉංජිනේරු කණ්ඩායමේ ලොකු වෙනස්කම් කිහිපයක්ම කරන්න සැලසුම් කරලා තියෙනවා. මේ හේතුව නිසා සමහර උප සභාපතිවරුන්ට තමන්ගේ තනතුරු පහත වැටුණා වගේ හැඟීමක් දැනෙන නිසා ඔවුන් සමාගමෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.
අනිත් පැත්තෙන් බැලුවොත්, ඕපන් ඒ අයි සමාගම දැනටමත් ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන නිර්මාණ ශිල්පී ජොනී අයිව් එක්ක එකතු වෙලා අලුත් ඒ අයි උපාංගයක් හදන්න වැඩ කරනවා. සෑම් ඕල්ට්මන් කියන විදියට මේ උපාංගය අයිෆෝන් එකට වඩා වෙනස්, හරිම සන්සුන් අත්දැකීමක් ලබා දෙන එකක් වෙයි. කොහොම වුණත්, මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාමත් නිසි විදියට සිද්ධ වෙන්නේ නැහැ කියලත් ආරංචි තියෙනවා. ඇපල් සහ ඕපන් ඒ අයි යන දෙපාර්ශවයම මේ ගැන තාම නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැහැ.

Discussion & Feedback