ඇපල් ටීවී (Apple TV) වේදිකාවේ විද්‍යා ප්‍රබන්ධ කතා මාලා අතරින් මේ දිනවල වැඩිම කතාබහට ලක්වෙන ‘ඩාර්ක් මැටර්’ (Dark Matter) කතා මාලාව ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන තියෙනවා. බ්ලේක් ක්‍රවුච්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු මේ කතා මාලාව, ඇමරිකාවේ ඇපල් ටීවී ටොප් 10 ලැයිස්තුවේ වසරක් පුරා රැඳී සිටිමින් දුර්ලභ වාර්තාවක් පිහිටුවන්න සමත් වුණා. පළමු කතා සමය අවසානයේ සුළු පසුබෑමක් පෙන්නුම් කළත්, මේ වන විට විකාශය වන දෙවන කතා සමය විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ප්‍රතිචාර ලබමින් නැවතත් ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණ තිබෙනවා.
ජොයෙල් එජර්ටන් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව, විකල්ප විශ්වයන් හරහා ගමන් කරන භෞතික විද්‍යාඥයෙකුගේ අභියෝගාත්මක ගමනක් ගැනයි කියවෙන්නේ. දෙවන කතා සමය ආරම්භයේදීම ප්‍රේක්ෂකයන් අතරින් 90%ක අනුමැතියක් ලබා ගැනීමට සමත් වූ මෙම කතා මාලාව, දැනට ඇපල් ටීවී හි තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා. විශේෂත්වය වන්නේ, පළමු කතා සමයෙන් පසුව කතාව අවසන් නොකර, කතුවරයා විසින් තවත් අලුත් කතා තේමාවන් ඔස්සේ කතා මාලාව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර තිබීමයි. ඉදිරියේදී තවත් කතා සමයන් කිහිපයක්ම බලාපොරොත්තු විය හැකි බවට ඉඟි පළවෙනවා.
මෙම කතා මාලාව තවමත් නරඹා නැති කෙනෙක් ඉන්නවා නම්, සිකුරාදා දිනවල ඇපල් ටීවී හරහා විකාශය වන අලුත්ම කොටස් නරඹන්න පුළුවන්. විද්‍යා ප්‍රබන්ධ කතා වලට කැමති අයට මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතා මාලාවක් බව කිව යුතුයි. ඉදිරි කතාංග හත තුළින් කතාව තවත් උද්වේගකර හැරවුම් ලක්ෂ්‍යයන් කරා ගමන් කරනු ඇති බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

Discussion & Feedback