Apple TV වේදිකාවේ විකාශය වන අතිශය ජනප්රිය ‘Silo’ විද්යා ප්රබන්ධ කතා මාලාව මේ වන විට සුවිශේෂී ජයග්රහණයක් අත්කරගෙන තියෙනවා. ඒ තමයි, අඛණ්ඩව දින 950ක් පුරා Apple TV හි වැඩිම නැරඹුම් වටිනාකමක් සහිත කතා මාලා දහය අතර රැඳී සිටීමට සමත් වීම. හියු හොවේගේ නවකතා මාලාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම කතා මාලාව, ලෝකය විනාශ වීමෙන් පසු භූගතව ජීවත් වන පිරිසකගේ අභිරහස් කතාවක් වටා ගෙතී තියෙනවා. මේ වන විට එහි තුන්වන කතා සමය විකාශය වෙමින් පවතින අතර, හෙට දිනයේදී එහි අවසාන කොටස නිකුත් කිරීමට නියමිතයි.
2023 වසරේදී ආරම්භ වූ මෙම කතා මාලාව, ආරම්භයේ සිටම ප්රේක්ෂකයන් අතර විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුණා. කතා මාලාවේ ගුණාත්මක බව සහ චරිත නිරූපණය නිසාම, නව කථාංග විකාශය නොවන කාලසීමාවලදී පවා ප්රේක්ෂකයන් මෙය නැරඹීමට උනන්දු වෙනවා. ඉදිරියේදී එනම් 2027 ගිම්හාන කාලයේදී සිව්වන කතා සමය සමඟින් මෙම කතා මාලාව අවසන් කිරීමට නියමිත වුණත්, එහි ජනප්රියත්වය දින දහසක සීමාව දක්වාම පහසුවෙන් ළඟා කරගත හැකි බවයි විචාරකයන් පවසන්නේ. ඔබත් තවමත් ‘Silo’ නරඹා නැත්නම්, අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතා මාලාවක් ලෙස මෙය නිර්දේශ කරන්න පුළුවන්.

Discussion & Feedback