ඇපල් ටීවී ආයතනය විසින් පසුගිය වසරේදී හදිසියේම විකාශය කිරීම නවතා දැමූ ‘ද සැවන්ට්’ (The Savant) අපරාධ කතා මාලාව පිළිබඳව මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. ජෙසිකා චැස්ටයින් ප්රධාන චරිතයට පණ පොවන මෙම කතා මාලාව, අන්තර්ජාලය හරහා ක්රියාත්මක වන අන්තවාදී කණ්ඩායම්වලට රහසිගතව ඇතුළු වී ඔවුන්ගේ ප්රහාර වැළැක්වීමට උත්සාහ කරන ‘ද සැවන්ට්’ නම් කාන්තාවකගේ කතාවක් වටා ගෙතී තිබෙනවා. ඇත්තටම මේ කතා මාලාව 2025 සැප්තැම්බර් මාසයේදී විකාශය කිරීමට නියමිතව තිබුණත්, චාලි කර්ක්ගේ ඝාතනයෙන් පසුව ඇති වූ සංවේදී තත්ත්වය හේතුවෙන් ඇපල් ආයතනය එය තාවකාලිකව කල් දැමීමට තීරණය කළා.
කෙසේ වෙතත්, ලැබී ඇති නවතම වාර්තාවලට අනුව, මෙම කතා මාලාව 2027 වසරේ වසන්ත කාලයේදී ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇති. මේ වන විටත් එහි නිශ්චිත දිනයක් ප්රකාශයට පත් කර නොමැති වුවත්, 2027 වසරේ පැවැත්වෙන ප්රයිම් ටයිම් එමී සම්මාන උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අරමුණින් මෙම කාල වකවානුව තෝරාගෙන ඇති බවයි පැවසෙන්නේ. වසරකට වැඩි කාලයක් ප්රේක්ෂකයන් අතර නොසන්සුන්තාවයක් ඇති කළ මෙම කතා මාලාව නැවතත් කරළියට ඒම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ජෙසිකා චැස්ටයින්ගේ රංගන කුසලතාවය සමඟින් මෙම කතා මාලාව කෙබඳු වෙනසක් කරාවිදැයි බලා සිටීමට රසිකයන්ට තව ටික කලක් ඉවසන්නට සිදුවනු ඇති.

Discussion & Feedback