ඇපල් සමාගම විසින් ඕපන් ඒ අයි (OpenAI) ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ ඔවුන්ගේ රහසිගත තාක්ෂණික තොරතුරු සහ වෙළඳ රහස් සොරකම් කළ බවට චෝදනා කරමින්. ඇපල් සමාගම පවසන විදිහට, ඕපන් ඒ අයි ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇපල් සමාගමේ හිටපු සේවකයින්ව යොදාගෙන මේ වංචනික ක්‍රියාවන් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන නිලධාරියෙක් වන ටෑන්ග් ටෑන් ඇතුළු පිරිසක්, රැකියා සම්මුඛ පරීක්ෂණවලදී ඇපල් සමාගමේ රහසිගත දත්ත සහ උපකරණ ලබා ගැනීමට උත්සාහ කර ඇති බවටයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ.
මේ සිදුවීම පිටුපස තියෙන ප්‍රධානම හේතුව විදිහට සැලකෙන්නේ ඕපන් ඒ අයි ආයතනය විසින් අලුතින් නිපදවීමට බලාපොරොත්තු වන ස්මාර්ට් ජංගම දුරකථනයයි. මෙය ඇපල් සමාගමේ අයිෆෝන් (iPhone) නිෂ්පාදනයට විශාල තර්ජනයක් විය හැකි බවටයි වෙළඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ. චෑන්ග් ලියු නමැති තවත් හිටපු සේවකයෙක් ඇපල් සමාගමේ රහසිගත ලේඛන සහ තාක්ෂණික දත්ත සොරකම් කර ඇති බවත්, ඒවා ඕපන් ඒ අයි ආයතනයේ නව නිෂ්පාදන සඳහා යොදාගෙන ඇති බවත් ඇපල් සමාගම අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
ඇපල් සමාගම මේ සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේදී ඕපන් ඒ අයි ආයතනයට ලිපියක් යොමු කළත්, ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ නිසාම දැන් ඇපල් සමාගම අධිකරණය හරහා ඉල්ලා සිටින්නේ ඕපන් ඒ අයි ආයතනය සොරකම් කළ දත්ත භාවිතය වහාම නතර කරන ලෙසත්, එම දත්ත නැවත ලබා දෙන ලෙසත්ය. ඕපන් ඒ අයි ආයතනයේ අභ්‍යන්තරයේ සිදුවන මේ අක්‍රමිකතා තවමත් අයිස් කුට්ටියක මුදුනක් පමණක් බවත්, ඔවුන්ගේ නව නිෂ්පාදන ගොඩනැගී ඇත්තේ මෙවැනි නීති විරෝධී පදනමක් මත බවත් ඇපල් සමාගම වැඩිදුරටත් අවධාරණය කරනවා.

Discussion & Feedback