ඇපල් සමාගම තමන්ගේ රහස්‍ය තොරතුරු සහ තාක්ෂණික දත්ත සොරකම් කළ බව පවසමින් OpenAI සමාගමට එරෙහිව නඩු පවරන්න පියවර අරගෙන තියෙනවා. මේ සිද්ධියේ ප්‍රධාන චූදිතයා වෙන්නේ ඇපල් සමාගමේ හිටපු විදුලි ඉංජිනේරුවෙක් වන චෑන්ග් ලියු. ඔහු ඇපල් සමාගමෙන් ඉවත් වෙලා OpenAI සමාගමට සම්බන්ධ වුණාට පස්සේ, ඇපල් සමාගමේ අභ්‍යන්තර ජාලයට ඇතුළු වෙලා රහස්‍ය ලිපිගොනු විශාල ප්‍රමාණයක් සොරකම් කරලා තියෙනවා කියලා තමයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඔහු මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ ඇපල් සමාගමේ තිබුණ ‘සීරෝ-ඩේ’ (zero-day) කියන ඉතා දුර්ලභ ආරක්ෂක දෝෂයක්. මේ දෝෂය හරහා ඔහුට සමාගමේ ජාලයට අනවසරයෙන් ඇතුළු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
මේ සිද්ධිය හරහා ඇපල් සමාගමේ නිකුත් නොකළ නිෂ්පාදනවලට අදාළ තාක්ෂණික දත්ත, ඉංජිනේරු ඉදිරිපත් කිරීම් සහ ව්‍යාපෘතිවලට අදාළ රහස්‍ය තොරතුරු රැසක් කාන්දු වෙලා තියෙනවා. ලියු තමන්ගේ පැරණි ලැප්ටොප් පරිගණකය ආපසු ලබා නොදී, තවත් සේවකයෙකුගේ පරිගණකයක් පවා මේ සඳහා අවභාවිත කරලා තියෙන බවයි වාර්තා වෙන්නේ. ඇපල් සමාගම පසුව මේ ආරක්ෂක දෝෂය නිවැරදි කළත්, සේවකයින් සමාගමෙන් ඉවත් වුණාට පස්සේ ඔවුන්ගේ ප්රවේශයන් සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමේ වැදගත්කම මේ සිද්ධියෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. දැනට මේ සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගනිමින් ඉන්න අතරේ, තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහක් මේ ගැන ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback