ඇපල් සමාගම විසින් ඔවුන්ගේ ඇප් ස්ටෝර් එකෙන් පිටත සිදුවන ගනුදෙනු සඳහාත් 15%ක කොමිස් මුදලක් අය කිරීමට තීරණය කර තිබෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා අධිකරණයට ඉදිරිපත් කළ නව යෝජනාවකට අනුව, සාමාන්‍ය ඇප් එකක් සඳහා මෙම 15%ක ගාස්තුව අය කෙරෙන අතර, කුඩා ව්‍යාපාරිකයන් සඳහා එය 5%ක් දක්වා අඩු කිරීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා. වීඩියෝ, ප්රවෘත්ති සහ කුඩා ඇප් වැඩසටහන්වල නියැලෙන සංවර්ධකයන්ට 10%ක ගාස්තුවක් අය කිරීමට නියමිතයි. එපමණක් නොවෙයි, දායකත්ව අලුත් කිරීම් සඳහාත් මෙම 10%ක ගාස්තුව අදාළ වෙනවා.
ඇත්තටම මේ තීරණය ගත්තේ එපික් ගේම්ස් (Epic Games) සමාගම සමඟ වසර ගණනාවක් තිස්සේ පැවති නීතිමය ගැටුම්වල ප්‍රතිඵලයක් විදිහටයි. ඇපල් සමාගම මුලින් උත්සාහ කළේ මේ කාරණය ප්‍රමාද කරන්න වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නියෝගය නිසා ඔවුන්ට මේ නව කොමිස් ව්‍යුහය හෙළි කිරීමට සිදුවුණා. ඇපල් සමාගම පවසන්නේ තමන්ගේ ඇප් ස්ටෝර් එක සහ මෘදුකාංග පද්ධතිය නඩත්තු කිරීමට විශාල මුදලක් වැය වන නිසා, මේ ආකාරයෙන් ගාස්තු අය කිරීම සාධාරණ බවයි. ගූගල් ප්ලේ ස්ටෝර් එකේ ක්‍රියාත්මක වන ගාස්තු ව්‍යුහයට සමානව මෙය සකස් කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙම තීරණය මෘදුකාංග සංවර්ධකයන්ට සහ ඇප් භාවිතා කරන පාරිභෝගිකයන්ට කෙතරම් බලපෑමක් කරයිද යන්න ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback