ලෝක ප්‍රසිද්ධ ඇපල් සමාගම තමන්ගේ මීළඟ දැවැන්ත එළිදැක්වීමේ උත්සවය සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. ‘Surprise and Shine’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය ඇපල් ඉතිහාසයේ ඉතාමත් වැදගත් එකක් වේවි කියලා තමයි තාක්ෂණික ලෝකයම බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙවර උත්සවයේදී බොහෝ දෙනා බලාපොරොත්තු වන නැමිය හැකි (foldable) අයිෆෝන් එක එළිදක්වනු ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ. ඒ වගේම, සැප්තැම්බර් 1 වැනිදා සිට ඇපල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගන්නා ජෝන් ටර්නස් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු උත්සවය මෙය වීමත් විශේෂත්වයක්.
මෙම උත්සවයේදී අයිෆෝන් 18 ප්‍රෝ සහ ප්‍රෝ මැක්ස් මාදිලි එළිදැක්වීමට නියමිත වුණත්, ඒවායේ විශාල වෙනස්කම්වලට වඩා සුළු වැඩිදියුණු කිරීම් පමණක් සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ. අයිෆෝන් 18 සාමාන්‍ය මාදිලිය ලබන වසරේදී එළිදැක්වීමට නියමිතයි. අයිෆෝන්වලට අමතරව ඇපල් වොච් සීරීස් 12, ඇපල් වොච් අල්ට්රා සහ නවතම ස්මාර්ට් නිවාස උපාංග කිහිපයක්ම මෙහිදී දැකගන්න පුළුවන් වේවි. ඒ වගේම iOS 27, iPadOS 27 සහ macOS ගෝල්ඩන් ගේට් වැනි මෘදුකාංග යාවත්කාලීන කිරීම් පිළිබඳවත් මෙහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
කැලිෆෝනියාවේ ඇපල් පාර්ක් කැම්පස් එකේදී පැවැත්වෙන මෙම උත්සවය ලෝකයේම තාක්ෂණික ලෝලීන්ගේ අවධානය දිනාගනු ඇති බවට සැකයක් නැහැ. ඇපල් සමාගමේ නවතම වෙනස්කම් මොනවාදැයි දැනගන්නට සැප්තැම්බර් 9 වැනිදා වනතුරු අපිට ඉවසිල්ලෙන් බලා සිටීමට සිදුවෙනවා.

Discussion & Feedback