ඇපල් සමාගමේ නවතම කෘත්රිම බුද්ධි තාක්ෂණය වන ‘ඇපල් ඉන්ටෙලිජන්ස්’ (Apple Intelligence) චීන වෙළඳපොළට හඳුන්වා දීමට චීන බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. මේ සඳහා ඇපල් සමාගම චීනයේ ප්රබලතම තාක්ෂණික සමාගමක් වන අලිබබා (Alibaba) සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර, ඔවුන්ගේ ‘Qwen’ AI මාදිලිය ඇපල් මෙහෙයුම් පද්ධතිවලට ඇතුළත් කිරීමට නියමිතයි. මීට පෙර බයිදු (Baidu) වැනි සමාගම් සමඟ සාකච්ඡා පැවැත්වුවත්, අවසානයේ ඇපල් සමාගම අලිබබා සමඟ මෙම ගිවිසුමට එළඹුණේ චීන පාරිභෝගිකයන්ට වඩාත් ගැලපෙන අයුරින් තාක්ෂණය සකස් කර ගැනීමටයි.
මෙම නව පියවරත් සමඟ අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් පරිගණක භාවිතා කරන චීන පාරිභෝගිකයන්ට ඉදිරියේදී පෙළ සහ රූප තේරුම් ගැනීමේ සහ නිර්මාණය කිරීමේ හැකියාව ඇතුළු නවීන AI පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. චීනය ඇපල් සමාගමට ඉතාමත් වැදගත් වෙළඳපොළක් වන අතර, පසුගිය කාර්තුවේදී පමණක් එරට ඇපල් අලෙවිය 28%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ගිවිසුම ප්රකාශයට පත් කිරීමත් සමඟ අලිබබා සමාගමේ කොටස් මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙය ඇපල් සමාගමේ ගෝලීය AI අභිලාෂයන් ජය ගැනීමට ලැබුණු විශාල ජයග්රහණයක් ලෙසයි සැලකෙන්නේ.

Discussion & Feedback