ඇපල් සමාගමේ නවතම කෘත්රිම බුද්ධි තාක්ෂණය වන ‘ඇපල් ඉන්ටෙලිජන්ස්’ (Apple Intelligence) චීනය තුළ භාවිත කිරීම සඳහා එරට බලධාරීන්ගෙන් අවසර ලැබිලා තියෙනවා. මේ සඳහා ඇපල් සමාගම චීනයේ ප්රධාන පෙළේ තාක්ෂණික සමාගම් දෙකක් වන අලිබබා (Alibaba) සහ බයිඩු (Baidu) සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. විශේෂයෙන්ම අලිබබා සමාගමේ ‘Qwen’ AI මාදිලිය ඇපල් මෙහෙයුම් පද්ධති වන iOS, iPadOS සහ macOS සමඟ ඒකාබද්ධ කිරීමට නියමිතයි. මේ හරහා චීනයේ ඉන්න ඇපල් භාවිතා කරන්නන්ට පෙළ සහ රූප නිර්මාණය කිරීම වැනි උසස් පහසුකම් ලබාගන්න පුළුවන් වෙනවා.
චීනය කියන්නේ ඇපල් සමාගමට ඉතාමත් වැදගත් වෙළඳපොළක්. පසුගිය කාලයේදී චීනය තුළ ඇපල් අලෙවිය විශාල ලෙස ඉහළ ගිය අතර, මේ නව AI පහසුකම් හඳුන්වා දීමත් සමඟ එම වෙළඳපොළ තවදුරටත් ශක්තිමත් කරගන්න ඇපල් බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, බයිඩු සමාගමද ඇපල් සමඟ එක්ව චීන පාරිභෝගිකයන්ට ගැලපෙන අයුරින් මේ තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරන බව තහවුරු කර තිබෙනවා. ඉදිරියේදී ByteDance සහ DeepSeek වැනි සමාගම් සමඟත් ඇපල් මේ ආකාරයෙන්ම කටයුතු කිරීමට සූදානම් වන බවට ආරංචි ලැබෙනවා. චීන නියාමන ආයතනවලින් ලැබුණු මේ අනුමැතිය ඇපල් සමාගමේ AI ගමනට ලොකු ශක්තියක් වේවි.

Discussion & Feedback