අනුරාධපුර නගරයේ ඉදිකෙරෙන අති නවීන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු අදියර පසුගිය සෙනසුරාදා ජනතා අයිතියට පත් කරලා තියෙනවා. කලින් මුදල් ප්‍රශ්න නිසා අතරමග නතර වෙලා තිබුණු මේ වැඩේ, රජයේ මැදිහත් වීමෙන් ඉක්මනින්ම අවසන් කරලා තමයි දැන් ජනතාවට ප්‍රයෝජනයට ගන්න විවෘත කරලා තියෙන්නේ. විශේෂයෙන්ම පොසොන් උත්සවයට අනුරාධපුරයට එන දහස් ගණන් බැතිමතුන්ට පහසුවෙන් ගමන් බිමන් යන්නත්, නගරයේ තියෙන රථවාහන තදබදය අඩු කරන්නත් මේක ලොකු උදව්වක් වෙයි කියලා තමයි බලධාරීන් කියන්නේ. දැනට මෙතැන ‘ටච් ඇන්ඩ් ගෝ’ (Touch & Go) මගී සේවාව ආරම්භ කරලා තියෙනවා.
මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩ කටයුතු සැප්තැම්බර් මාසය වෙද්දී සම්පූර්ණයෙන්ම අවසන් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ මධ්‍යස්ථානය ඇතුළේ මගීන්ට අවශ්‍ය හැම පහසුකමක්ම වගේ තියෙනවා. විශේෂයෙන්ම ආබාධිත අයටත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් විදිහට මේක හදලා තියෙන්නේ. බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය යා කරන පදික පාලමක්, ලිෆ්ට්, එස්කලේටර්, ඒ.ටී.එම් යන්ත්‍ර, විවේකාගාර වගේම කඩ සාප්පු සහ අවන්හල් පවා මෙතැන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මව්වරුන්ට දරුවන්ට කිරි දෙන්න වෙනමම කාමරයක් පවා මෙතැන වෙන් කරලා තියෙනවා. මේ නිසා අනුරාධපුරයට එන සංචාරකයන්ට සහ බැතිමතුන්ට ගොඩක් පහසු විදිහට තමන්ගේ ගමන් බිමන් ඉටු කරගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback