ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ෆෙඩරල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට ගින්නක් ඇති කළ හිටපු ඇමරිකානු හමුදා සෙබළෙක්ව එෆ්.බී.අයි (FBI) නිලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඇන්ඩෲ අරබාකා නම් වූ 43 හැවිරිදි මෙම පුද්ගලයා, ආගමන විගමන කාර්යාලය ඇතුළු රජයේ ආයතන කිහිපයක්ම පිහිටා තිබෙන මෙම ගොඩනැගිල්ලට ගිනිකෙළි සහ වායු තුවක්කුවකින් වෙඩි තබා ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඔහු ගොඩනැගිල්ලේ පියගැටපෙළ මතට ගිනි ඇවිලෙන ද්‍රව්‍යයක් දමා ගින්නක් ඇති කිරීමටත් කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීම අතරතුරදී ඔහු සතුව පොරෝ දෙකක්, පිහියක් සහ තවත් ආයුධ කිහිපයක් තිබී සොයාගෙන තියෙනවා. මොහු රජයට සහ ආගමන විගමන බලධාරීන්ට එරෙහිව විවිධ ප්‍රකාශ සිදු කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් බලධාරීන් පවසනවා. මෙම ප්‍රහාරය නිසා රජයේ සේවකයින් දෙදෙනෙක් සහ එහි පැමිණි පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් සුළු තුවාල ලබා තිබෙනවා. සැකකරුව අල්ලා ගැනීමට උත්සාහ කළ ආරක්ෂක නිලධාරියෙකුටත් සුළු තුවාල සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම පුද්ගලයා අන්තවාදී අදහස් දරන්නෙක් බවත්, ඔහු මීට පෙර ඇමරිකානු හමුදාවේ සේවය කළ අයෙක් බවත් හෙළි වී තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපතිවරයා මෙම සිදුවීම ඉතාමත් කනගාටුදායක සහ බියකරු එකක් ලෙස හඳුන්වා දී ඇති අතර, නගරයේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මෙවැනි ප්‍රහාර එල්ල කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බව පවසා තිබෙනවා.

Discussion & Feedback