කෘතිම බුද්ධි තාක්ෂණය දියුණු කරන ප්‍රධාන පෙළේ සමාගමක් වන ඇන්ත්‍රොපික් (Anthropic) ආයතනයට එරෙහිව ගොනු කර තිබූ ප්‍රකාශන හිමිකම් නඩුව අවසානයේ විසඳී තිබෙනවා. ඇමරිකානු අධිකරණයක් විසින් ඩොලර් බිලියන 1.5ක දැවැන්ත වන්දියක් ගෙවීමට මෙම සමාගමට නියෝග කර ඇති අතර, මෙය ඇමරිකානු ප්‍රකාශන හිමිකම් ඉතිහාසයේ වාර්තාගත වන්දි මුදලක් ලෙසයි සැලකෙන්නේ. කතුවරුන් සහ පොත් ප්‍රකාශකයන් මිලියන ගණනකගේ කෘති නීතිවිරෝධී ලෙස අන්තර්ජාලයෙන් ලබාගෙන තම AI ආකෘති පුහුණු කිරීම සඳහා යොදා ගැනීම මෙම ගැටුමට ප්‍රධාන හේතුව වුණා.
කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව කෘතිම බුද්ධි ක්ෂේත්රයට මිශ්‍ර ප්‍රතිඵලයක් ගෙන දී තිබෙනවා. අධිකරණය තීරණය කළේ AI ආකෘති පුහුණු කිරීම සඳහා ප්‍රකාශන හිමිකම් සහිත දත්ත භාවිත කිරීම ‘සාධාරණ භාවිතයක්’ (fair use) ලෙස සැලකිය හැකි බවයි. නමුත් ඇන්ත්‍රොපික් සමාගම පයිලේට් වෙබ් අඩවි හරහා පොත් ලබා ගැනීම නීතිවිරෝධී බවත් අධිකරණය පෙන්වා දුන්නා. මේ නිසා නඩු විභාගයකට නොගොස් වන්දි ගෙවා ප්රශ්නය විසඳා ගැනීමට සමාගම එකඟ වුණා.
මෙම තීන්දුවත් සමඟ ඇන්ත්‍රොපික් සමාගම පොත් ලක්ෂ පහක පමණ හිමිකරුවන්ට එක් කෘතියකට ඩොලර් 3,000 බැගින් ගෙවීමට නියමිතයි. නමුත් මෙය අවසාන විසඳුම නොවෙයි. ගූගල්, මෙටා සහ ඕපන් ඒඅයි වැනි සමාගම්වලට එරෙහිව තවමත් මෙවැනිම නඩු රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා AI තාක්ෂණය සහ ප්‍රකාශන හිමිකම අතර පවතින ගැටුම ඉදිරියේදී තවත් උණුසුම් වනු ඇති බවයි තාක්ෂණික විශ්ලේෂකයන් පවසන්නේ.

Discussion & Feedback