ලොව ප්රමුඛ පෙළේ කෘත්‍රිම බුද්ධි (AI) සමාගමක් වන ඇන්ත්‍රොපික් (Anthropic) විසින් ඔවුන්ගේ ක්ලෝඩ් (Claude) සේවාව සඳහා ඉන්දියාවේදී ඉන්දීය රුපියල්වලින් ගෙවීම් කිරීමේ පහසුකම මේ වන විට හඳුන්වා දී තිබෙනවා. ඇමරිකාව හැරුණු විට ක්ලෝඩ් සේවාව වැඩිම පිරිසක් භාවිතා කරන රට වන්නේ ඉන්දියාවයි. මීට පෙර ඩොලර්වලින් පමණක් ගෙවීම් කිරීමට සිදුවීම ඉන්දීය පරිශීලකයන්ට විශාල ගැටලුවක්ව පැවති අතර, මෙම නව පියවරත් සමඟ එම අපහසුතාව මගහැරී යනවා. කෙසේ වෙතත්, තවමත් ඉන්දියාවේ ජනප්‍රියම ගෙවීම් ක්‍රමය වන UPI හරහා ගෙවීම් කිරීමේ පහසුකම ඔවුන් ලබා දී නොමැති වීම විශේෂත්වයක්.
දැනට ක්ලෝඩ් වෙබ් අඩවියේ සහ ජංගම දුරකථන යෙදුම්වල ඉන්දීය රුපියල්වලින් මිල ගණන් දැකගන්න පුළුවන්. උදාහරණයක් ලෙස, ක්ලෝඩ් ප්‍රෝ (Claude Pro) සඳහා මසකට රුපියල් 2,000ක් පමණ අය කෙරෙනවා. ඇන්ත්‍රොපික් සමාගම පසුගිය කාලයේ ඉන්දියාවේ බැංගලෝර් නුවර කාර්යාලයක් විවෘත කරමින් සහ ඉන්දීය තොරතුරු තාක්ෂණ දැවැන්තයන් සමඟ හවුල් වෙමින් එරට වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය වර්ධනය කර ගැනීමට විශාල උත්සාහයක නිරත වෙනවා. ඉන්දියාවේ සිටින විශාල තාක්ෂණික ශ්‍රම බලකාය සහ සංවර්ධකයන් ඉලක්ක කර ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී තවත් පහසුකම් රැසක් ඉන්දීය පරිශීලකයන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback