දැන් ගොඩක් දෙනෙක් කතා වෙන්නේ ඇන්ත්‍රොපික් සමාගමේ Claude චැට්බොට් එකට අලුතින් එකතු කරපු වෝටර්මාර්ක් (watermark) තාක්ෂණය ගැනයි. යුරෝපා සංගමයේ AI නීති රීතිවලට අනුකූල වෙන්න තමයි ඔවුන් මේ පියවර අරන් තියෙන්නේ. මේකෙන් වෙන්නේ AI මගින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන් හඳුනාගන්න පුළුවන් වෙන විදිහට රහස් සංඥාවක් එකතු කරන එකයි. ගූගල් ඩීප්-මයින්ඩ් ආයතනයේ SynthID-Text තාක්ෂණය තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. මේ වෝටර්මාර්ක් එක සාමාන්‍ය පාඨකයෙකුට බලාගන්න බැරි වුණත්, විශේෂිත කී (key) එකක් තියෙන අයට ඒක AI මගින් නිර්මාණය කරපු එකක් කියලා පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වෙනවා.
මේ ගැන දැනගත්තට පස්සේ ගොඩක් පරිශීලකයෝ සමාජ මාධ්‍යවල විවිධ විවේචන එල්ල කරනවා. සමහරු කියන්නේ මේක තමන්ගේ පෞද්ගලිකත්වයට බාධාවක් කියලා. ඒත් ඇන්ත්‍රොපික් සමාගම කියන්නේ මේ වෝටර්මාර්ක් එක නිසා Claude දෙන පිළිතුරුවල ගුණාත්මක භාවයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලයි. ඒ වගේම කෝඩ් (code) ලියනකොට මේකේ බලපෑම ඉතාම අඩුයි. කවුරුහරි මේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ලිව්වොත් විතරයි මේ වෝටර්මාර්ක් එක නැති වෙන්නේ. හැබැයි එහෙම කළොත් ඒක AI නිර්මාණයක් කියලා කියන්නත් බැරි වෙනවා. ඉදිරියේදී අනෙක් ප්‍රධාන AI සමාගම්වලුත් මේ වගේම වෝටර්මාර්ක් ක්‍රම හඳුන්වා දෙන්න නියමිතයි.

Discussion & Feedback