කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන ඇන්ත්‍රොපික් (Anthropic) සමාගම තමන්ගේම ජීව විද්‍යාගාරයක් හරහා ඉතා වැදගත් සොයාගැනීමක් සිදුකර තිබෙනවා. ඔවුන්ගේ ‘ක්ලෝඩ්’ (Claude) නම් කෘත්‍රිම බුද්ධි ආකෘතිය භාවිතයෙන්, DNA අණු තුළ සැඟවී තිබූ නව එන්සයිම පද්ධතියක් සොයා ගැනීමට ඔවුන් සමත් වුණා. මෙය ජාන සංස්කරණ තාක්ෂණයක් වන CRISPR වලට සමාන ලක්ෂණ පෙන්වන බවයි පර්යේෂකයන් පවසන්නේ. විශේෂම දේ තමයි, මේ සඳහා ක්ලෝඩ් ආකෘතියට ගතවී ඇත්තේ පැය 21ක වැනි ඉතා කෙටි කාලයක් පමණක් වීම. මෙය ඇත්තටම විද්‍යා ලෝකයට විශාල පෙරළියක් විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය.
කෙසේ වෙතත්, මේ පර්යේෂණ සිදුකරන්නේ මිනිසුන් විසින් බවත්, කිසිදු අනතුරුදායක වෛරසයක් හෝ මිනිසුන්ට හානි විය හැකි දේවල් මෙහි අත්හදා බලන්නේ නැති බවත් සමාගම අවධාරණය කරනවා. කෘත්‍රිම බුද්ධිය නිසා ඇතිවිය හැකි ආරක්ෂක ගැටලු ගැන ලෝකයම කතා කරන මොහොතක, මෙවැනි පර්යේෂණවලින් රෝග සුව කිරීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇති බව ඇන්ත්‍රොපික් ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි විශ්වාස කරනවා. අනාගතයේදී රසායනාගාර උපකරණ පවා කෘත්‍රිම බුද්ධිය මගින් ස්වයංක්‍රීයව පාලනය කිරීමට ඉඩ ඇති බව ඔහු ඉඟි කළත්, දැනට එවැනි අවදානමක් ගැනීමට ඔවුන් සූදානම් නැහැ. කෙසේ වෙතත්, තාක්ෂණය සහ ජීව විද්‍යාව එකතු වී ලෝකය වෙනස් කරන අයුරු අපට ඉදිරියේදී තවත් සමීපව බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback